ඇමරිකාවේ Worcester Polytechnic Institute එකේ පර්යේෂකයන් කණ්ඩායමක් වතුර, අධික පීඩනය සහ සෙල්සියස් අංශක 300ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 10ක් ඇතුළත උණ ගස් රත් කරලා බොරතෙල් වැනි ද්‍රාවණයක් (Biocrude oil) හදලා ඒ ද්‍රාවණය පිරිපහදු කරල පාවිච්චි කරන්න පුලුවන් ඉන්ධනයක් හදලා තියෙනවා..✊
මේ පිරිපහදු කරපු ඉන්ධනය වාහන, ගුවන් යානා වගේම දුම්රිය සඳහා ඉන්ධන විදිහට පාවිච්චි කරන්න පුළුවන්.😍
මේ ඉන්ධන ගැලුමක් හදන්න යන්නේ ඩොලර් 2.75ක් වගේ පොඩි ගානක් .සරලවම ගත්තොත් ලීටරයකට රුපියල් 215ක් – 220ක් වගේ පොඩි ගානක් තමයි යන්නේ.
මේ ඉන්ධනය සාමාන්‍ය ඩීසල් වලින් පරිසරයට පිට වෙන අහිතකර වායු ප්‍රමාණයට වඩා 26 ගුණයකින් අඩුයි.🎍
ඒ වගේම උණ ගස් ඕනෑම නිසරු පසක ගොඩක් වේගයෙන් වැවෙන නිසා වගාබිම් වලට හානියක් වෙන්නේ නැහැ.
දැනට ඉන්ධන හදන්න පාවිච්චි කරන ඉරිඟු වැනි බෝග වලට වඩා ඉතා අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි ඉන්ධන ප්‍රමාණයක් මේ හරහා නිපදවන්න පුළුවන්.✊😍
– Aadi –

Leave a Reply