සාමාන්‍යයෙන් Keyboard එකක Type කරනකොට අපි කරන්නේ අපට ඕන අකුර හොයාගෙන ඇඟිල්ලෙන් ඒ Key එක Press කරන එකනේ. හැබැයි Google Japan එකෙන් හඳුන්වා දීලා තියෙන මේ අමුතු Keyboard එකේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත.
මේකේ නම තමයි Gboard Conveyor Belt Keyboard.
හිතන්නකෝ Keyboard එකක් වෙනුවට පොඩි Conveyor Belt පද්ධතියක් තියෙනවා කියලා. හරියට Factory එකක බඩු ගෙනියන Belt එකක් වගේ
මේ Keyboard එකේ Conveyor Belts හතරක් තියෙනවා. එක් Belt එකක Keys 29 බැගින් තියෙන නිසා මුළු Keys ගණන 116ක් වෙනවා.
මේ Beltවල අකුරු සහිත Keys දිගටම ගමන් කරනවා. ඔයාට Type කරන්න ඕන අකුර ඔයාගේ ඇඟිල්ල ළඟට ආවම ඒක Press කළාම හරි
ඒ කියන්නේ වෙනදා අපි අකුරු හොයාගෙන ඇඟිලි එහෙ මෙහෙ ගෙනියනවා. මේකේදී අකුරුම අපි ළඟට එනවා
තවත් විශේෂ දෙයක් තමයි මේ Keyboard එකේ Capital Letters සහ Simple Letters සඳහා වෙන වෙනම Keys තියෙන එක. ඒ නිසා සාමාන්‍ය Keyboard එකක වගේ Capital Letters Type කරන්න Shift Key එක ඔබාගෙන ඉන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.
සාමාන්‍ය Keyboard එකක වගේ එක තැනක Keys ගොඩක් තියාගෙන ඉන්නවා වෙනුවට, මේකේ තියෙන්නේ දිගටම චලනය වන Belt පද්ධතියක්. ඒ නිසා එක ඇඟිල්ලකින් වුණත් අකුරු තෝරගෙන Type කරන්න පුළුවන් Concept එකක් මෙහිදී භාවිත වෙනවා.
තවත් විශේෂ දෙයක් තමයි මේක බලලා ආස අයට තමන්ගේම Keyboard එකක් හදාගන්න අවශ්‍ය Design Files සහ තාක්ෂණික තොරතුරුත් ලබාදී තිබීම.
මේක සාමාන්‍යයෙන් වෙළඳපොළට නිකුත් කරපු Keyboard එකක් නෙවෙයි. Google Japan එකෙන් ඉදිරිපත් කරපු Experimental Project එකක්. ඒ කියන්නේ අලුත් තාක්ෂණික අදහස් අත්හදා බලන, සාම්ප්‍රදායික දේවල් වෙනස් විදිහට හිතන නිර්මාණයක්.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඕන අකුර එනකම් බලාගෙන ඉන්න වුණොත් මේ Keyboard එකෙන් වේගයෙන් Type කරන්න පුළුවන් වෙයිද? නැත්නම් සාමාන්‍ය Keyboard එකට වඩා Slow වෙයිද?
source : https://youtu.be/RXHXqWQBzq4
– Senura –

Leave a Reply