යෝධ Jellyfish කෙනෙක් කියන එක ලස්සන මිථ්‍යාවක්, ප්‍රබන්ධ කතාවක්, නැත්නම් මායා කතාවක් විදිහට ගන්න පුළුවන්.
ඇත්තටම Jellyfish කියන්නේ අතීතයේ විතරක් නෙවෙයි, අදටත් මහ මුහුදේ ගැඹුරු පතුලේ ඉඳන් සාගරයේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන සතෙක්. හැබැයි අහසේ පාවෙන යෝධ Jellyfish කෙනෙක්? ඒක නම් අපිට සාමාන්‍යයෙන් දැකගන්න පුළුවන් වෙන්නේ Avatar වගේ ලස්සන Science Fiction Movies වල විතරයි නේද?
හැබැයි මේ ළඟදී අපිට අන්න ඒ වගේ ලස්සන දසුනක් ඇත්තටම දැකගන්න ලැබුණා!
හැබැයි මේක Movie එකක් නෙවෙයි. CGI Effect එකක්වත් නෙවෙයි. ඇත්තටම අහසේ ඇතිවුණු, Science වලින් පැහැදිලි කරන්න පුළුවන් අපූරු සිදුවීමක්.
ඉතින් අද අපි කතා කරන්නේ අන්න ඒ අහසේ ඇඳුණු Jellyfish එක ගැන. කොහොමද මේක ඇතිවුණේ? ඇයි ඒක ඒ තරම් ලස්සනට පෙනුණේ? ඒ වගේම ඒක පිටුපස තියෙන Science එක මොකක්ද?
හරි, එහෙනම් අපි කතාවට බහිමු!
මේ සිදුවීම වුණේ 2026 ඔක්තෝබර් 13 වනදා ඇමරිකාවේ Florida ප්‍රාන්තයේ Cape Canaveral ප්‍රදේශයේදී. SpaceX සමාගමේ Falcon 9 Rocket එකක් අභ්‍යවකාශයට දියත් කළා.
මේක NASA ආයතනයේ International Space Station එකට අවශ්‍ය ආහාර, විද්‍යාත්මක පර්යේෂණ උපකරණ සහ අනෙකුත් සැපයුම් රැගෙන යන Commercial Resupply Mission එකක්.
හැබැයි මේ Rocket Launch එක ගොඩක් දෙනාගේ අවධානය දිනාගත්තේ ඒකෙන් අහසේ නිර්මාණය වුණු මේ අපූරු Jellyfish Shape එක නිසයි.
ඉතින් සමහරු මේ වගේ දෙයක් දැක්කම Alien කෙනෙක්ද, එහෙමත් නැත්නම් අහසේ සිදුවුණු අද්භූත දෙයක්ද කියලා හිතන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේක පිටුපස තියෙන්නේ හරිම Interesting Scientific Explanation එකක්.
එහෙනම් කොහොමද Rocket Launch එකකින් අහසේ Jellyfish කෙනෙක්ගේ Shape එකක් හැදෙන්නේ?
මුලින්ම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි Rocket එකක් අභ්‍යවකාශයට ගමන් කරනකොට ඒකෙන් විශාල ප්‍රමාණයක් Exhaust Gases, ඒ කියන්නේ Rocket Engine එකෙන් පිටවන උණුසුම් වායූන්, පිටවෙනවා කියන එක.
Rocket එක පෘථිවියෙන් ඉහළට යනකොට ඒ වටා තියෙන Atmospheric Pressure එක, ඒ කියන්නේ වායු පීඩනය, ක්‍රමයෙන් අඩු වෙනවා.
සරලවම කිව්වොත්, පොළොවේදී වායු පීඩනය වැඩියි. හැබැයි ඉහළ වායුගෝලයට යනකොට ඒ පීඩනය අඩුයි. ඒ නිසා Rocket එකෙන් පිටවන Exhaust Gases ඉක්මනින් Expand වෙලා විශාල ප්‍රදේශයකට පැතිරෙනවා.
ඒ විදිහට පැතිරෙන වායූන් නිසා තමයි අපිට අහසේ විශාල Plume එකක් නිර්මාණය වෙලා තියෙනවා දකින්න ලැබෙන්නේ.
හැබැයි මෙතන තියෙන Interesting Point එක තමයි, මේ Plume එක හැදුණා කියලා හැම වෙලාවකම අපිට ඒක මේ තරම් ලස්සනට පේන්නේ නැහැ.
එහෙනම් මේක මෙච්චර ලස්සනට දිලිසුණේ කොහොමද?
මෙතන තමයි වැඩේ තියෙන්නේ! ඒ තමයි Sunlight.
මේ වගේ Jellyfish Effect එකක් බොහෝවිට දැකගන්න ලැබෙන්නේ Sunrise එකකට කලින් හෝ Sunset එකකට පස්සේ වගේ වෙලාවක.
ඒකට හේතුව තමයි අපි පොළොවේ ඉන්න තැන අඳුරු වුණත්, Rocket එකේ Exhaust Plume එක තියෙන්නේ ඊට වඩා ඉහළ වායුගෝලයේ. ඒ නිසා පොළොවට තවම හිරු එළිය නොවැටුණත්, ඉහළ වායුගෝලයේ තියෙන මේ Plume එකට හිරු එළිය වැටෙන්න පුළුවන්.
අන්න ඒ Sunlight එක නිසා තමයි අඳුරු අහසට එරෙහිව මේ Plume එක දීප්තිමත්ව පේන්න පටන් ගන්නේ.
හිතන්නකෝ, අඳුරු අහසක් මැදින් විශාල, දීප්තිමත්, විහිදිලා ගිය ආලෝක රටාවක් මතුවෙනවා. ඒක හරියට අහසේ පාවෙන යෝධ Jellyfish කෙනෙක් වගේ!
ඒ වගේම ඉහළ වායුගෝලයේ තියෙන අඩු උෂ්ණත්වය නිසා Exhaust Plume එකේ ඇති ජල වාෂ්පවලින් කොටසක් අයිස් ස්ඵටික බවට පත්වෙන්නත් පුළුවන්. මේ වායූන් සහ අංශු පැතිරෙන ආකාරයත්, ආලෝකය විසිරෙන ආකාරයත් අනුව මේ දසුන තවත් අපූරු හැඩයක් ගන්නවා.
ඒ නිසා සමහර වෙලාවට සුදු, නිල් සහ තැඹිලි පාටට හුරු ආලෝක රටා පවා දැකගන්න පුළුවන්.
හැබැයි හැම Rocket Launch එකකදීම මේ වගේ දසුනක් දකින්න ලැබෙන්නේ නැහැ. Rocket එක Launch කරන වෙලාව, Sunlight එක වැටෙන Angle එක, Atmospheric Conditions සහ Exhaust Plume එකේ ස්වභාවය වගේ කරුණු කිහිපයක්ම මේකට බලපානවා.
ඒ කියන්නේ, මේක නිකම්ම Rocket එකක් අහසට යැවීමක් විතරක් නෙවෙයි. නිවැරදි වෙලාවට, නිවැරදි Atmospheric Conditions යටතේ, Science එකයි Nature එකයි එකට එකතු වුණාම ඇතිවෙන අපූරු දසුනක්.
ඉතින් ඊළඟ වතාවේ ඔයා අහසේ මේ වගේ දෙයක් දැක්කොත් Alien කෙනෙක් ගැන හිතන්න කලින්, ඒ පිටුපස තියෙන Science එක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න!
මොකද සමහර වෙලාවට අපිට මායාවක් වගේ පෙනෙන දේවල් පිටුපස තියෙන්නේ අපි තවමත් ඉගෙන ගනිමින් ඉන්න විශ්වයේ අපූරු විද්‍යාවයි.
-Imasha Sandamin-
References : https://x.com/MattDevittWX/status/2112537001832370249?ref_src=twsrc%5Egoogle%7Ctwcamp%5Eserp%7Ctwgr%5Etweet&shem=aimgspe,
https://www.nasa.gov/image-article/nasas-space-x-crs-35-launch-jellyfish/

Leave a Reply