ලෝකයේ ලොකුම Pop-Up Book එක….🌝🙄😍

ලෝකයේ ලොකුම Pop-Up Book එක….🌝🙄😍

ඔයා book එකක් open කළාම ඒකෙ පිටු අතරින් 3D රූප උඩට මතුවෙනව දැකල නැතිවුණත් මේ book එක නම් normal book එකක් නෙවෙයි. මේක open කළාම ඔයාගෙ ඉස්සරහින් මැවෙන්නේ ලොකු buildings,අඩි ගණන් උස ගස් වගේම සුපිරි 3D art තියෙන World එකක්…😌🌝

මේ තමයි ඇමරිකාවේ Los Angeles city එකෙ ප්‍රදර්ශනයට තියල තියෙන ලෝකයේ ලොකුම Pop-Up Book එක මේක නම් කරල තියෙන්නේ “Luceros y penumbras”වගේම Guinness world records එකෙන් World’s largest pop-up book එකක් විදියට පිළිගත්තු එකම පොත…👌📖

Book එක open කළාම මීටර් 9.5× 6.1ක් ,බර රාත්තල් 1,800ක් විතර(816kg),සමහර 3D Art වල උස අඩි 11කට වැඩියි.ඒක නිසා මේ book එක normal අතේ තියාගෙන කියවන්න පුලුවන් එකක් නෙමෙයි.මේක කියවන්න,බලන්න ඉඩ තියෙන ලොකු space එකක් ඔනි.🫠

මේ පොතේ තියෙන Special Art එක වන්නේ “Tree of Wisdom” හෙවත් ප්‍රඥාවේ වෘක්ෂයයි.
Book එක Open කරනකොට පිටු අතරින් මතුවන මේ ලොකු ගස දැනුම, සංස්කෘතිය වගේම පරම්පරාවෙන් පරම්පරාවට දැනුම හුවමාරු වීම සංකේතවත් කරනවා.🫡👌

ඒ වගෙම Los Angeles Central Library building එකේ ඉස්සරා දර්ශනය වගේම තවත් special 3D Art Creations ගොඩක් මේක ඇතුලත් වෙලා තියෙනවා.

මේ ලොකුම ලොකු නිර්මාණයේ ප්‍රධාන කලාකරු වන්නේ Daniel Gonzalez.👌📖

ඒ විතරක් නෙමෙයි world famous Pop-Up Book Designer කෙනෙක් වන Matthew Reinhart ද මේ නිර්මාණයේ Paper Engineering වගේම 3D සැලසුම්කරණය සඳහා දායක වෙලා තියෙණවා.ඒ වගෙම Los Angeles Central Library හි 100 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් මේ නිර්මාණය සකස් කිරීම විශේෂයි .

Paper Engineering, Creative Design සහ Architectural Planning එකට එකතු කරලා මෙ ලොකු නිර්මාණය කරල තියෙනවා.

මේක විශාලත්වය නිසා කොටස් වශයෙන් පුස්තකාලය ඇතුළට අරගෙන ගිහිල්ල ආපහු හදන්න වෙලා තියෙනවා.පොතේ පිටු මාරු කිරීම සඳහා මිනිස්සු 10–12 දෙනෙක්ගේ help එක ඔනි වෙලා තියෙනවා.🤝📖

මෙ ලොකුම ලොකු Pop-Up book එක ඇමරිකාවේ Los Angeles Central Library එකේ දෙවන මහලේ Rotunda ප්‍රදේශයේ ප්‍රදර්ශනයට මේ වෙනකොට තියල තියෙනවා වගෙම 2027 ජනවාරි 17 වෙනකන් පවත්වන්නත් නියමිතයි.👌📖

source link : https://www.guinnessworldrecords.com/world-records/largest-pop-up-book

– Aadi –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *