Jung Kook ගෙන් තවත් Won බිලියනයක Donation එකක්

JUNGKOOK Seoul National University Children’s Hospital එකට ආයෙත් Korean Won බිලියන 1ක් — ඒ කියන්නේ ආසන්න වශයෙන් US dollars 745,600ක් — donate කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා🫢.

මේ donation එක hospital එකේ Integrated Care Center project එකට යොදාගන්න නියමිතයි. Specially ආර්ථික අපහසුතා තියෙන පවුල්වලින් එන පුංචි දරුවන්ට medical treatment ලබාගන්න මේ මුදලින් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේක Jungkook මේ hospital එකට කරන දෙවැනි Korean Won බිලියන 1ක donation එක. මීට කලින් 2023 April මාසයේදීත් එයා Korean Won බිලියන 1ක් donate කරලා තිබුණා.

ඒ කියන්නේ මේ hospital එකට විතරක් Jungkook donate කරලා තියෙන මුළු මුදල Korean Won බිලියන 2ක්! 😮❤️
US dollars වලින් බැලුවොත් ඒක ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1.5ක්.
තවත් interesting දෙයක් තමයි, මේ donation එක සිද්ධ වෙන්නේ BTSලා මේ වෙද්දි එයාලගෙ ‘ARIRANG’ world tour එකත් එක්ක super busy වෙලා ඉන්න වෙලාවක.

BTSලා North American leg එකේ shows 31ක් කරලා, almost fans ලා මිලියන 2කට perform කරලා තියෙනවා. දැන් එයාලා October මාසයේ පටන් ගන්න South America leg එකටත් prepare වෙනවා.

-MINJI-

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *