චීනයේ පාරවල්වල දැන් රොබෝ පොලිස් සහායකයෝ!

හිතන්නකෝ… පාරේ Traffic Control කරන්නේ පොලිස් නිලධාරියෙක් නෙවෙයි, රොබෝ කෙනෙක් නම්! මේක තවත් Sci-Fi Movie එකක දර්ශනයක් නෙවෙයි. චීනයේ Hangzhou නගරයෙන් දැන් එවැනි අලුත්ම තාක්ෂණික අත්හදා බැලීමක් වාර්තා වෙනවා.

චීනයේ DEEP Robotics සමාගම නිෂ්පාදනය කරපු DR02 කියන මානවරූපී රොබෝවරුන් 2026 ඔක්තෝබර් මාසයේදී Hangzhou නගරයේ මාර්ගවල අත්හදා බලලා තිබෙනවා.

මේ රොබෝවරුන්ට නිකම්ම පාරේ ඇවිදින්න විතරක් නෙවෙයි, රථවාහන පාලනයට සහ ජනතාවට උදව් කරන්නත් පුළුවන්.

මේ රොබෝවරුන්ට කරන්න පුළුවන් වැඩ මොනවාද?

  • අත් සංඥා භාවිතයෙන් රථවාහන පාලනයට සහාය වෙනවා.
  • Helmet නැතුව Electric Bike පදින අයට හඬ මඟින් අවවාද කරනවා.
  • නියමිත ස්ථානවලින් පිටත පාර මාරුවෙන පදිකයන්ට ආරක්ෂාව ගැන මතක් කරනවා.
  • විවිධ භාෂාවලින් සංචාරකයන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා.
  • සංචාරකයන්ට අවශ්‍ය තැන්වලට යන්න මඟ පෙන්වනවා.

ඒ කියන්නේ Traffic Police වැඩවලට අමතරව Tourist Guide කෙනෙක් විදිහටත් මේ රොබෝවරුන්ට වැඩ කරන්න පුළුවන්!

වැස්සටත් බය නැති රොබෝවරු!

මේ රොබෝවරුන්ගේ තවත් විශේෂත්වයක් තමයි IP66 Protection Rating එක. ඒ කියන්නේ දූවිලි ඇතුළුවීමෙන් සම්පූර්ණ ආරක්ෂාවක් සහ බලවත් ජල ප්‍රහාරවලට ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා.

ඒ නිසා එළිමහන් පරිසරයක විවිධ කාලගුණික තත්ත්වයන් යටතේත් මේවා භාවිත කරන්න පුළුවන්.

එතකොට පොලිස් නිලධාරීන්ට මොකද වෙන්නේ?

තවමත් මේක පොලිස් නිලධාරීන් සම්පූර්ණයෙන්ම වෙනුවට රොබෝවරුන් යොදවන වැඩපිළිවෙළක් නෙවෙයි. මේක මිනිස් නිලධාරීන්ට සහාය වෙන්න සහ නගරවල ආරක්ෂාව හා සේවා කටයුතු වැඩිදියුණු කරන්න කරන තාක්ෂණික අත්හදා බැලීමක්.

හැබැයි හිතන්නකෝ… තව අවුරුදු කිහිපයකින් ලංකාවේත් Traffic Light ළඟ රොබෝ කෙනෙක් අත් උස්සලා වාහන නවත්වන දවසක් ආවොත්?

– Senura –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *