AI assistant එකක් භාවිතා කරන හැම වෙලාවෙම smartphone එක unlock කරලා app එකක් open කරන්න ඕනේ නැති අනාගතයක් ගැන හිතන්න. Meta දැන් ඒ අදහස තවත් පියවරක් ඉස්සරහට ගෙන ගිහින් තියෙනවා. 2026 සැප්තැම්බර් 23 පැවැත්වුණු Meta Connect 2026 event එකේදී Mark Zuckerberg හඳුන්වා දුන්නේ Muse Charm කියන කුඩා AI device එක. මේක Metaගේ අලුත් personal AI agent වන Muse සමඟ කතා කරන්න සහ interact කරන්න නිර්මාණය කරපු, keychain එකකට සවි කරගෙන හෝ pocket එකේ තියාගෙන යන්න පුළුවන් device එකක්. Meta කියන විදිහට Muse Charm එකේ අරමුණ Museගේ real-time voice සහ avatar experience එක smartphone එකකින් වෙන් කරලා, ඕනෑම වෙලාවක පහසුවෙන් access කරන්න පුළුවන් ආකාරයට කුඩා device එකකට ගෙන එන එක.
දැනට Muse භාවිතා කරන්න smartphone එකේ app එක හරහා හෝ WhatsApp වැනි platform එකක් හරහා interaction කරන්න පුළුවන්. නමුත් Muse Charm එකේදී ඒ process එක තවත් සරල කරන්න උත්සාහ කරලා තියෙනවා. Device එකේ fingerprint sensor එක tap කරලා Muse සමඟ voice conversation එකක් ආරම්භ කළ හැකි ආකාරය Zuckerberg පෙන්වා දී තිබෙනවා. ඒ කියන්නේ phone එක unlock කිරීම හෝ වෙනම AI app එකක් open කිරීම වැනි steps අවශ්‍ය නොවී, pocket එකේ තියෙන device එක හරහාම Muse වෙත access ලබාගැනීම.
Muse Charm එකේ තවත් විශේෂත්වයක් තමයි කුඩා touchscreen display එක. Display එක ආසන්න වශයෙන් අඟල් 2ක් පමණ වන අතර, Museගේ animated character එක වන Jolly එහි පෙන්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා මෙය සාමාන්‍ය voice assistant එකකට කතා කරන speaker එකක් වගේ නොවෙයි. User කතා කරන විට AI එකටvisual identity එකක් ලබාදෙන animated character එකක් screen එකේ පේනවා. මේ නිසා device එකේ concept එක පැරණි Tamagotchi-style digital companion එකක් සහ modern AI assistant එකක් අතර mix එකක් වගේ පෙනෙනවා.
Hardware පැත්තෙන් බලද්දී, approximately 2-inch touchscreen එකක් සහ built-in 5G connection එකක් ඇතුළත් . prototype එකේ cameras, microphones සහ speakers වැනි components ගැනත් සඳහන් වෙනවා.
Meta 2026 සැප්තැම්බර් 8 හඳුන්වා දුන් Muse කියන්නේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන chatbot එකක් විතරක් නොවෙයි. Meta කියන විදිහට Museට email එකක් යැවීම, travel booking වැනි tasks කිරීම, userගේ goals මතක තබාගෙන suggestions ලබාදීම සහ connected services සමඟ වැඩ කිරීම වැනි agentic tasks සිදු කළ හැකියි. Muse ක්‍රියාත්මක වන්නේ Meta විසින් හඳුන්වා දුන් Muse Secure VM නම් dedicated secure computing environment එකක් තුළයි.
ඒ නිසා Muse Charm එකේ concept එක සරලව තවත් AI gadget එකක් කියන එකට වඩා ටිකක් විශාලයි. Meta උත්සාහ කරන්නේ AI assistant එක smartphone app එකකට සීමා නොකර, userගේ දෛනික ජීවිතයේ නිතරම ළඟ තිබෙන interface එකක් බවට පත් කරන්නයි. Meta මේ vision එක AI glasses දක්වාත් පුළුල් කරමින් සිටින අතර, ඉදිරියේදී glasses හරහා Museට user ඉදිරියේ තිබෙන දේ හඳුනාගෙන ඒ පිළිබඳව ක්‍රියා කිරීමටත් හැකි වන බව සමාගම පවසනවා
https://youtu.be/xSg4dnJUaCA?si=RV-E_OMSYlufD5lm
– Sanura –

Leave a Reply