T-Rex ල ඉන්නවා!

T-Rex ල ඉන්නවා…..😳🦖

විද්‍යාඥයෝ කණ්ඩායමක් එකතු වෙලා ලෝකයේ පළවෙනි වතාවට T-Rex (ටිරන්නෝසෝරස් රෙක්ස්) ඩයිනසෝරයාගේ ප්‍රෝටීන් (Collagen) use කරලා හදපු Handbag එකක් එළිදක්වලා තියෙනවා.🦖👜

අවුරුදු මිලියන ගාණාක් පරණ T-Rex පොසිල වලින් ගත්තු කොලජන් (Collagen) දත්ත Ai technology එක හරහා Lab එකක් ඇතුලෙ මේ හම් (Leather) වර්ගය හදල තියෙනවා.😳

ඒ කියන්නේ මේක සතෙක් මරලා ගත්ත හමක් නෙවෙයි, Lab-grown technology එකෙන් හදපු එකක්.

මේ handbag එක තද නිල්-කොළ (Teal) පාටයි. මේක හදලා තියෙන්නේ පෝලන්තයේ Enfin Leve කියන විලාසිතා ආයතනයෙන්.

මේ handbag එක 2026 අප්‍රේල් මුල Amsterdam වල “Art Zoo” කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියල තියෙන්නෙ.

මේක ලෝකයේ තියෙන එකම T-Rex handbag එක නිසා, මේක වෙන්දේසි කරන කොට ඇමරිකානු ඩොලර් 500,000කට එ කියන්නෙ ලංකාවේ සල්ලි වලින් රුපියල් කෝටි 15කට වඩා වැඩි ගානකට අලෙවි කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.✊

Future එකේදි සත්තු මරන්නෙ නැතුව ජෛව තාක්ෂණය (Biotechnology) හරහා අනාගතයේදී පරිසර හිතකාමී විදියට Luxury භාණ්ඩ හදන්න පුලුවන් කියලා ලෝකයට පෙන්වීමයි මෙකෙ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ.

– Aadhi –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *