වැඩිපුර AI , Robots, New technolog ගැන හොයන අයගේ social media feed එකත් ඒවට සමාන දේවල් වලින් තමා පිරිලා තියෙන්නේ. එහෙම කෙනෙක්ට මේ දවස් වල අනිවාර්යෙන්ම දකින්න ලැබෙන video එකක් තමයි රොබෝ කෙනෙක් පල්ලමක හරිම කැතට දුවන් යන එක 😂
දැන් ඒක බලන්නේ නැතුව මේක කියවලා තේරුමක් නෑනේ 😒
මේක බලලා ඉන්නකෝ…😌
මේ තියෙන්නෙ video එක 👇
@amazingsusu When a robot running …. that so likely as a human! #tech #robot ♬ 原声 – susu_123
ඇත්තටම මෙච්චර දියුණු රොබෝලා හදන කාලෙක ඇයි මේ රොබෝ හරිම අමුතු විදියට පල්ලම් බහින්නේ කියලා හුඟක් දෙනෙක් කතා වෙලා තිබුණා. සමහර අය මේක joke එකකට අරන් memes හදලා share වෙනවත් මම දැක්කා.
ඒ නිසාම මේ රොබෝ ගැන මම හෙව්වා. ඇත්තට wire මාරු වෙලාද දන්නෙ නෑනේ 😂 ( I’m just kidding )
රොබෝගේ නම Unitree G1. මෙයා Chinese humanoid robot කෙනෙක්. Slope එකක unconventional running style එකක් තමා මෙයාට තියෙන්නේ. ඒකට reason එක තමයි අදාළ භූමි ප්රදේශයට ගැලපෙන විදියේ AI driven balance system එකක් මේ රොබෝට තියෙන එක. එයාලට පල්ලම් වල වැටෙන් නැතුව දුවන් යන්න පුළුවන් එතකොට. ඒ යන postures හරිම awkward විදිහට තමයි අපිට පේන්නේ. එහෙම නැතුව මේක design එකේ වැරද්දක් නෙවෙයි. අපිට වඩා හොඳ balance එකක් තියෙනවා එයාට. පල්ලම් වල දුවලා අපිට වෙච්ච දේවල් අමුතුවෙන් ආයේ මතක් කරන්න ඕනේ නෑනේ නේද 😂🙊🚑
Unitree G1 Robot කෙනෙක් පැයට සැතපුම් 8ක වේගයෙන් ගමන් කරනවා. ඒවගේම stair navigation තියෙන විදියට තමයි හදලා තියෙන්නේ. දැන් නම් පල්ලමේ දුවන් යන්නත් පුළුවන් 😂
මේක හදපු Chinese scientists team එකට respect. මේ වැඩේ මාර achievement එකක්. ඇත්තනේ ඉතිං ඒක❤️🔥 නැත්තං මේ robo පල්ලමේ දුවලා ..වැටිලා ..තුවාල වෙලා ..කෑලි ගැලවිලා.. ලොකු ප්රශ්ණයක් වෙනවා 🙁 ( දිරාපු යකඩ කෑලි වලට දෙනවා බේසම් )
– Ihara –
