Spider-Man Film එකේ එන ‘Green Goblin’ කියන චරිතයේ පියාසර කරන පුවරුව (glider)වගේ අහසේ Flying Skateboard එකක් මාස දෙකකට වැඩි කාලයක මහන්සියේ ප්රතිඵලයක් විදියට 2026 ඔක්තෝබර් මුල චීනයේ ‘Amazing Ayu’ නමින් ප්රකට Song Xingyu කියන Artist නිර්මාණය කරල තියෙනවා.😍
මේක අහසට උස්සන්න electric motors 10ක් use කරල තියෙනවා. මුලින් ජෙට් එන්ජින් use කලත් පරීක්ෂණ අතරතුර ගිනි ගත්තු නිසා විදුලි මෝටර්වලට මාරු වෙලා තියෙනවා.
Fly කරන අතරතුර සමබරතාවය තියාගන්න වගේම මඟපෙන්වීමට කෘතිම බුද්ධිය (AI) තියෙන Audio system එකක් පාවිච්චි කරල තියෙනවා.👌
චීනයේ හුබෙයි (Hubei) පළාතේ කළ පරීක්ෂණයකදී මිනිත්තු 2කට වඩා වැඩි වෙලාවක් අහසේ පියාසර කරමින් මීටර් 300කට වඩා දුරක් මේකට ගමන් කරන්න පුලුවන් වෙලා තියෙනවා…😍
මේක Song Xingyu කුතුහලේට හදපු homemade experiment එකක් මිසක්, වෙළඳපොළේ මිලදී ගන්න තියෙන හෝ සහතික කරපු යානයක් නෙවෙයි .✊😍
– Aadi –

Leave a Reply