155,000ක් එක්ක Peru හොල්ලපු BTS! 🔥💜

K-pop sensation BTS එයාලගෙ 1st Peru tour එකේදීම fans ලා 155,000ක් විතර එකතු කරගන්න පුලුවන්වෙලා තියෙනවා!

BTS ARIRANG World Tour එකේ කොටසක් විදිහට October 7, 9 & 10 කියන දවස්වල Peru, Lima city එකේ Estadio San Marcos Grounds වල concerts තුනක් තිබිලා තියෙනවා. මුලින් concerts දෙකක් විතරක් plan කරලා තිබුණත්, fans ලාගෙන් ලැබුණු මාරම ලොකු demand එක නිසා තව show එකක් එකතු කරන්න organizers ලට සිද්දවෙලා තියනවා. මෙකේ විශේෂත්වය තමයි මේ concerts තුනම sold out වෙලා තිබුන එක. 😌🔥

මේක BTS , 2013 දී debut කළාට පස්සේ Peru වල තිබ්බ 1st concert tour එක වුන එකත් special දෙයක්. ඒ විතරක් නෙවෙයි, BTS arrival එක celebrate කරන්න Lima City එක “BTS Avenue” කියලා special avenue එකක් විදියට නම් කරලා, city light show එකකුත් කරලා තියෙනවා.

ඒ කියන්නේ BTS fever එක stadium එකට විතරක් සීමා වෙලා නැහැ! 😎

මේ concerts නිසා Peru වල economy එකටත් ලොකු බලපෑමක් ඇති වෙයි කියලා එයාලා බලාපොරොත්තු වෙනවා. Peru වල Daily Newspaper එකක් වෙන El Comercio වාර්තා කරලා තියෙන විදිහට, මේ shows තුනෙන් මිලියන 200ක් වෙනකන් Peruvian soles වල වටිනා economic activity එකක් ඇති වෙන්න පුළුවන් වගේම Hotels, restaurants, merchandise & tourism වගේ ක්ෂේත්‍රවලටත් මේකෙන් ලොකු වාසියක් ලැබෙනවා කියලා මෙයාලා estimate කරලා තියනවා.

Stadium එක අවට “ A sea of BTS” කියලා හඳුන්වන්න තරම් fans ලාගෙන් පිරිලා තිබුණා කියලත් Peru local media වාර්තා කරලා තියෙනවා. සමහර fans ලා wedding veils ඇඳගෙන, bouquets අරගෙනත් concerts බලන්න ඇවිත් තිබුණලු! BTS members ලව marry කරන්න ආවා කියලා විහිළුවට කියපු ඒ fans ලාගේ excitement එකත් social media වල ලොකුවට කතාබහට ලක්වෙන දෙයක්.

ඉතින් Peru වල මේ unforgettable concerts තුනෙන් පස්සේ BTS, South American tour එකත් ඉස්සරහට යනවා. October 14,16 සහ 17 කියන දවස් වල Chile වල Santiago city එකේ concerts තියන්න ready වෙලා ඉන්නවා, ඊටපස්සෙ Argentina වල Buenos Aires and Brazil වල São Paulo city එකටත් BTS Arirang World tour එක යන්න නියමිතයි.

155,000 fans, sold-out shows තුනක්, BTS Avenue එකක් වගේම මුළු නගරයක් පුරා පැතිරුණු purple fever එකක්! 💜

BTS, global popularity එක music වලට විතරක් සීමා වෙන්නේ නැහැ කියන එකට Peru tour එක හොඳ උදාහරණයක්. Fans ලාගේ ආදරය entertainment industry එකට විතරක් නෙවෙයි, රටක tourism සහ economy එකටත් බලපෑම් කරන්න පුළුවන් කියන එක මේකෙන් පෙන්නලා දෙනවා.

😌💜🌍✨

#BTS
#ArirangWorldTour
#ARIRANGBTS #HYBE
#Peru #Perutour #BTSxPERU

source : https://www.allkpop.com/article/2026/10/bts-draws-155000-fans-to-three-sold-out-concerts-in-peru

– Minji –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *