AI රොබෝලා කුස්සියට..🤖🍲

චීනයේ Oak Deer Robotics කියන සමාගම මෑතකදී එයාලගෙ අලුත්ම Cooking Robots ලෝකයට එළිදැක්වූවා .

2026 අගෝස්තු මාසේ බීජිං නුවර පැවැත්වුණු World Robot Conference එකේදී මේ රොබෝලා සෙල්සියස් අංශක 300කටත් වඩා රත් වුණු තාච්චියක ඌරු මස් වගේම ටෝෆු (tofu) රොබෝලා විසින්ම සියලුම දේවල් සූදානම් කරලා රසට ඉව්වා.🍜

මේ රොබෝලට විශේෂ AI model එකක් එකතු කරලා තියෙනවා. ඒකෙන් රොබෝට පුළුවන් කෑම එකේ පෙනුම (visual information) බලාගෙන, උයන විදිය එවෙලම change කරගෙන හරිම රහට කෑම එක හදන්න.👌

මේ වෙනකොටත් චීනයේ නගර 350ක තවත් රටවල් 20කට අධික ප්‍රමාණයක restaurant 13,000ක මේ රොබෝලා use කරනවා.🤖✊

තාම සම්පූර්ණ hotel එකක්ම මිනිස්සු නැතුව දුවවන්න තරම් මේ රොබෝලා දියුණු නැති වුණත්, kitchen එකේ තියෙන අමාරු ,වෙහෙසකර වැඩ කිසිම අවුලක් නැතුව Automate කරන්න මේ රොබෝලට පුළුවන්!…✊🤖

– Aadi –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *