ලෝකයේ මිල අධිකම මී පැණිවලින් එකක්…🍯🐝

අපි සාමාන්‍යයෙන් මී පැණි කිලෝ එකක් මිලදී ගන්න දහස් ගාණක් වැය කරනවා. ඒත් Turkey වල නිෂ්පාදනය කරන “Centauri Honey” කියන විශේෂ මී පැණි වර්ගයක් කිලෝ එකකට €10,000ක් වගේ විශාල මුදලකට අලෙවි වී තියෙනවා..
Guinness World Records අනුව, 2021 පෙබරවාරි 16 වැනිදා තුර්කි ජාතික අහ්මෙට් එරෙන් චකීර් (Ahmet Eren Çakır) විසින් නිෂ්පාදනය කරන ලද මෙම මී පැණි කිලෝග්‍රෑම් එකක් Istanbul හිදී €10,000කට අලෙවි වීම ලෝක වාර්තාවක් ලෙස සටහන් වී තිබුණා. ඒ මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් අද අනුපාතයට ආසන්නව රුපියල් ලක්ෂ 37ක් විතර වෙනවා..

ඇයි මේ තරම් මිල අධික?
මේ මී පැණි සාමාන්‍ය වාණිජ මී වදවලින් ලබාගන්නා එකක් නෙමෙයි. ඉතා දුෂ්කර, උස් කඳුකර සහ ගුහා ආශ්‍රිත ප්‍රදේශවලින් තමයි මේ මී පැණි ගන්නේ. එම ප්‍රදේශ මුහුදු මට්ටමේ සිට මීටර් 2,500ක් පමණ උසින් තමයි පිහිටල තියෙන්නේ. තවත් විශේෂත්වයක් තමයි මේ මී පැණි ලැබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් වීම. වසරකට කිලෝ 10–15ක් පමණක් ලබාගත හැකි බව වාර්තා වෙනවා. සාමාන්‍ය මී පැණිවලට වඩා මෙහි පැහැය අඳුරු වන අතර රසයත් තරමක් තිත්තයි. මෙහි ඉහළ ප්‍රතිඔක්සිකාරක (Antioxidants) ගුණයක් පවතින අතර, magnesium, potassium, phenols සහ flavonoids වැනි සංයෝග ද අඩංගු බව වාර්තා වී තියෙනවා.

ඒ නිසා සාමාන්‍ය මී පැණි බෝතලයක් වගේ විශාල වශයෙන් නිෂ්පාදනය කරන එකක් නෙමෙයි. දුර්ලභ වීම, ලබාගැනීමේ අපහසුව සහ සීමිත නිෂ්පාදනය තමයි මෙවැනි ඉහළ මිලකට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ.

– Aadhi –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *