KATSEYE කණ්ඩායමේ නායිකාව සහ ප්‍රධාන vocalist කෙනෙකු වන Sophia Laforteza, ඇගේ මානසික සෞඛ්‍යය සහ wellbeing එක ගැන අවධානය යොමු කිරීම සඳහා තාවකාලිකව group එකේ promotional activities වලින් ඉවත් වෙලා තියෙනවා 🥹.
HYBE x Geffen Records ආයතනය නිල වශයෙන් කියලා තියෙන්නේ, Sophia මේ වෙනකොට medical professionals ලා එක්ක consult වෙමින්, වැඩි විවේකයක් සහ ongoing care එකක් ලබාගන්නා බවයි. ඇගේ තත්ත්වය September මාසයේදී නැවත assess කරනවා කියලත් label එක වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.
Sophiaත් ඇගේ Instagram ගිණුම හරහා සටහනක් තබමින් කියලා තිබුණේ මේ තීරණය ගන්න එක ලේසි දෙයක් නොවුණත්, “health has to come first” කියන දේ තමන් තේරුම් ගත් බවයි. තමන් ආදරය කරන දේ දිගටම කරගෙන යන්න නම් දැන් තමන්ගේ mind එකත් body එකත් බලාගන්න ඕන කියලයි ඇය වැඩිදුරටත් කියන්නේ.
විශේෂයෙන්ම මේක KATSEYE fansලාට ලොකු update එකක් වෙන්නේ, group එකේ තවත් member කෙනෙක් වන Manon Bannermanත් 🥲 මීට කලින් health සහ wellbeing වෙනුවෙන් hiatus එකකට ගිහින් තිබීම නිසයි.
2023 වසරේ ‘The Debut: Dream Academy’ හරහා members හය දෙනෙක්ගෙන් නිර්මාණය වෙලා, 2024 දී නිල වශයෙන් debut වුණු KATSEYE කණ්ඩායමේ membersලාට debut එකෙන් පස්සේ online death threats පවා ලැබිලා තිබුණා කියලා group එක කලින් මාධ්‍ය හමුවකදී සඳහන් කරලා තිබුණා.
ඉතින් මේ news එකෙන් අපිටත් මතක් වෙන වැදගත් දෙයක් තමයි—කොච්චර successful කෙනෙක් වුණත්, තමන්ගේ mental health එකට break එකක් ඕන නම් ඒක weakness එකක් නෙවෙයි. තමන්ව බලාගන්න එකත් career එකේ කොටසක්.
Sophia මේ වෙලාවේ recovery එකට focus කරනවා. ඇය කියන විදිහටම, “health has to come first.” ❤️
– Minji –

Leave a Reply