School එක ඇතුළේ සිද්ධ වෙන අසාධාරණයන්, අපරාධ වගේම ඉවක් බවක් නැතුව සිද්ධ වෙන කොන් කිරීම් සහ හිංසනයන් සම්පූර්ණයෙන්ම නැති කරන්න රජය මැදිහත් වෙලා හරිම සුපිරි විදිහට ක්රියාත්මක වෙන හැටි කියලා දෙන Teach You A Lesson අලුත්ම Korean series එක මේ දවස්වල Netflix එකේ දරුණු විදිහටම Hit වෙලා තියෙනවා. Social media පුරාම ලොකු කතාබහක් ඇති කරලා තියෙන මේ කතාවේ කොටස් 10ම එකවරම Netflix හරහා රසිකයන්ට නරඹන්න අවස්ථාව දීලා තියෙනවා.
Naver එකේ අතිශය ජනප්රිය වුණු Get Schooled (True Education) කියන සුපිරි Webtoon එක ඇසුරෙන් තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. පාසල් පද්ධතිය ඇතුළේ සිදුවන දූෂණ සහ අපරාධ මැඩපවත්වන්න රජය විසින්ම පිහිටුවන ලද Educational Rights Protection Bureau (ERPB) කියන විශේෂ ආයතනය වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ.
හිංසනයට ලක්වෙන අසරණ සිසුන් මුහුණ දෙන අභියෝග, ඒ වගේම ඔවුන් වෙනුවෙන් නීතිය සහ තමන්ගේ විශේෂ ක්රමවේද පාවිච්චි කරලා සාධාරණය ඉටු කරන ERPB කණ්ඩායමේ පවර් එක මේ සීරීස් එක ඇතුළේ ඉතාමත් සාර්ථකව සහ කුතුහලය පිරුණු විදිහට පෙන්නුම් කරලා තියෙනවා.
මීට කලින් Netflix හරහා ආපු Juvenile Justice කතාව අධ්යක්ෂණය කරපු Hong Jong-chan ගේ සුපිරි අධ්යක්ෂණයෙන් හැඩවුණු මෙහි ප්රධාන චරිත සඳහා Kim Mu-yeol, Jin Ki-joo සහ P.O (Pyo Ji-hoon) වැනි දක්ෂ නළු නිළියන් රැසක් පණ පොවනවා.
විශේෂයෙන්ම Weak Hero Class 1 සහ Vigilante වගේ Action, School themed කතාවලට පිස්සු වැටුණු Fansලාට නම් මේක පට්ටම experience එකක් වෙයි. Student Bulliesලාට එරෙහිව නැගී සිටින, මේ දවස්වල අනිවාර්යයෙන්ම බලන්න ඕන සුපිරිම K-drama එකක් තමයි Teach You A Lesson කියන්නේ!
– Minji –

Leave a Reply