BTS RMගේ ආභාසයෙන් Stanford University එකෙන් අලුත් පාඨමාලාවක්! 🫢💜

දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ K-pop group එකක් වෙන BTS leader Kim Nam-joon හෙවත් RM ගේ ජීවන රටාව වගේම පෞද්ගලික රුචිකත්වයන් ඇසුරින් නිර්මාණය වෙන අලුත් අධ්‍යයන පාඨමාලාවක් හඳුන්වා දෙන්න ඇමරිකාවේ Stanford University එක කටයුතු කරලා තියනවා.

“Namjooning, and Other Well-Being Inspiration from BTS” විදියට නම් කරලා මේ course එකෙන් මානසික සෞඛ්‍යය, මානසික සුවතාව සහ යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැන ළමයින්ට study කරන්න chance එක ලැබෙනවා.

මේකේ විශේෂත්වය වෙන්නේ RMගේ ජීවිතයට සමීප විනෝදාංශ සහ පුරුදු විද්‍යාත්මක පර්යේෂණ එක්ක සම්බන්ධ කරලා අධ්‍යයනය කරන එක.

මොකක්ද මේ Namjooning කියන්නේ?

Namjooning කියන වචනය BTS fans ලා අතර ජනප්‍රිය වෙච්ච වචනයක්. RMගේ නම Namjoon ඇසුරින් නිර්මාණය වුන මේ වචනයෙන් අදහස් කරන්නේ සොබාදහම සමඟ කාලය ගත කරන එක, බයිසිකල් පැදීම, කලාගාර නැරඹීම, පොත් කියවීම සහ ජීවිතයේ සරල දේවල් විඳිමින් නිදහසේ කාලය ගත කිරීම වගේ ක්‍රියාකාරකම්.

මේ course එකේදි,

  • මානසික ආතතිය සහ කාංසාව (Anxiety).
  • නින්ද සහ එහි ගුණාත්මකභාවය.
  • ස්වයං ආදරය සහ තමන්ව හඳුනාගැනීම.
  • නිර්මාණශීලීත්වය සහ නිර්මාණාත්මක අවහිරතා.
  • ආහාර රටාව සහ ව්‍යායාම.
  • මනෝචිකිත්සාව සහ උපදේශනය.
  • සොබාදහම, කලාව සහ සාහිත්‍යය මානසික සුවතාවයට බලපාන ආකාරය.
    වගේ ගොඩාක් කරුණු ගැන study කරනවා.

Stanford University එකේ official course list එකට අනුව, මේක PSYC 65N විදියට හඳුන්වලා දීලා තියන ඒකක තුනක (3 Units) course එකක්. 2026–2027 අවුරුදු වල Autumn Semester එකට හඳුන්වලා දීලා තියන මේ course එක විශේෂයෙන් 1st year University students ලා වෙනුවෙන් පැවැත්වෙන Introductory Seminar එකක්.

මේ course එක මෙහෙයවන්නේ Stanford University එකේ සෞඛ්‍ය හා මානසික සුවතා අංශයේ Associate Vice Provost වෙන James R. Jacobs විසින්.

තවත් interesting දෙයක් තමයි course එකේ final project එක RMගේ 2022 අවුරුද්දේ release කරපු 1st album එක වෙන Indigo ඇසුරින් නිර්මාණය කරන්න ඉන්න එක.

Music වලින් ලොව පුරා මිලියනයකට අධික fans ලාගෙ ආදරය දිනාගත්ත RMගේ ජීවිතයට සමීප පුරුදු අද වෙන කොට විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යයනයකටත් ආභාසයක් වෙලා තියන එකත් ලොකු විශේෂත්වයක්.

මේ news එක BTS fans ලට විතරක් නෙවෙයි මානසික සෞඛ්‍යය වගේම යහපත් ජීවන රටාවක් පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුගේ අවධානය දිනාගත්ත විශේෂ news එකක් බවට දැන් වෙද්දි පත්වෙලා තියනවා.

SOURCE : https://www.gmanetwork.com/news/showbiz/showbizabroad/1008792/stanford-university-offers-namjooning-course-inspired-by-bts-rm/story/?utm_source=chatgpt.com

#RM #Namjoon #Namjooning #Namjooning,and other well being inspiration from BTS #BTS #ARMY #America #Stanford #StanfordUniversity #Course #Music #GlobalKpop #Kpop

– MINJI –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *