” Police ”
වචනේ ඇහුනත් පොඩි අමුතු එකක් දැනෙනවනේ .. ඒක බයක්ද එහෙම නැත්නම් තියෙන ගෞරවයටද කියලා හිතාගන්න බෑ..
අපි police නිලධාරීන් නිතරම දකින්නේ පාරෙදි.. එහෙම නැති අයත් ඇති 😂
පාරේ ඉරි කපලා, වමෙන් overtake කරලා, සුදු ඉර ළඟදි ඉස්සර කරලා, වේගෙන් drive කරලා, seat belts දාලා නැතුව drive කරලා, license එක ගෙදර දාලා ඇවිල්ලා, ආදායම් බලපත්‍රය expire වෙලා මේවගේ එකි මෙකි නොකි දේවල් වලට අපිව පාරේදි පොලීසිය නවත්වනවා.
ඒ වෙලාවට දන්න සෙල්ලම් ඔක්කොම දාලා shep වෙන්න තමා ඉතිං වැරදි කරපු අය හදන්නේ.
ඒවගෙන් බේරෙන්න කියන කරන ඒවා වෙනම මතක් කරන්න ඕනේ නෑනේ 😂 කාව හරි පාවාදීලා බේරෙන අවස්ථා කොච්චර නම් තියෙනවද ?
එහෙම නැත්නම් නීතී ගැන කතා කරලා , එහෙම කොහොමද අරම කොහොමද කියලා රණ්ඩු වෙලා හරි තියෙනවනේ😂
අපිට එදිනෙදා හම්බවෙන පොලිස් නිලධාරීන් වගේම තව ලොකු ලොකු බරපතල වැඩ කරන අය කොච්චර නම් ඉන්නවද ?
අන්න එහෙම පොලිස් නිලධාරී team එකක් ගැන අලුත්ම update එකක් තියෙනවා.
ඉන්දුනීසියාව එයාලගේ Police Anniversary event එකේදි Humanoid Units සහ I-K9 Robot dogs ඉන්න AI powered රොබෝ පොලිස් නිලධාරීන් 25 දෙනෙක් එළිදැක්වුවා. මේ රොබෝ remotely controlled, 360° camera තියෙන, facial recognition, bomb disposal, chemical sensors තියෙන robo unit එකක්.
මේක Design කරලා තියෙන්නේ high-risk missions වලට.
ලෝකේ පොලිසිය ගැන අලුත්ම update එක මේක .
ලංකාවේ තාම නැති වුණත් මේක ඉක්මනට එනවා නම් මම සතුටින්.
High risk mission වරද්දන් නැතුව කරයිනේ එතකොට😏
නැත්තං date එක හරි එහෙ මෙගෙ කරගෙන වෙනම mission එකක් කරනවනේ 😂
– Ihara –
