FILM එකක් අධ්‍යක්ෂණයට ඩොලර් මිලියන 72 ක්.

FILM එකක් අධ්‍යක්ෂණයට ඩොලර් මිලියන 72 ක්

ක්‍රිස්ටෝපර් නෝලන් මීළඟ චිත්‍රපට පිටපත ලිවීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඔහුගේ මෙම සිනමා නිර්මාණයත් ඉතා දැවැන්ත ව්‍යාපෘතියක් වනු ඇති බවට ඔහු විසින් මේ වසර මුලදී Times සඟරාවට ප්‍රකාශ කර තිබුණා. මෙම සිනමා පිටපත බොහෝවිට Horror හෝ Thriller ගණයට අයත් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලෝක සිනමා ඉතිහාසයේ අධ්‍යක්ෂකවරයෙක්ට චිත්‍රපටයක් සඳහා ගෙවනු ලැබූ විශාලම අගයන් වලින් එකක් වන ඇමරිකන් ඩොලර් මිලියන 72 ක මුදලක් Oppenheimer චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් පසුගියදා නෝලන්ට ලැබී තිබුණා.

96 වන ඔස්කා සම්මාන උළෙලේදී Oppenheimer චිත්‍රපටය වෙනුවෙන් සම්මාන 7ක් හිමිවූ අතර හොඳම අධ්‍යක්ෂ,හොඳම නළුවා සහ හොඳම සහය නළුවා වෙනුවෙන් ඔස්කාර් සම්මාන ත්‍රිත්වය පළමු වරට එකම චිත්‍රපටයකට හිමිවූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත වනවා.

එමෙන්ම Oppenheimer චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි එතෙක් මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චරිතාපදානය බවටද පත් වීම කැපී පෙනෙනවා.

– By Awani –


Posted

in

by

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *