ලෝක බලවතුන්ගේ Master Plan..😪😶
Elon Muskගේ අලුත්ම සහ අතිශය දැවැන්ත project එකක් නිසා ඇමරිකාවේ city එකක ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා ⭕️?
Elon Muskගේ Tesla සහ SpaceX සමාගම් එකතු වෙලා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ Grimes County කියන කුඩා ප්‍රදේශයේ ඩොලර් බිලියන 16.8ක මූලික ආයෝජනයකින් ‘Terafab’ නමින් දැවැන්ත පරිගණක චිප් (Chips) කර්මාන්තශාලාවක් හදන්න Plan කරලා තියෙනවා.
මේක සම්පූර්ණයෙන්ම හදල ඉවර වුනාට පස්සෙ ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට (Pentagon) වඩා 15 ගුණයකටත් වඩා විශාල වන බවත් (අවසාන අදියරේදී එය 50 ගුණයක් දක්වා වර්ධනය විය හැකි බවටද කියැවේ), ලෝකයේ මේ වෙනකන් හදපු buildings වලින් ලොකුම building එක වෙනවා.
මේකෙ අරමුණ වෙලා තියෙන්නේ ලෝකයේ දැනට තියෙන මුළු චිප් නිෂ්පාදනයටම වඩා වැඩි ප්‍රමාණයක් නිපදවීමත් මේවා රොබෝවරුන්ට , ස්වයංක්‍රීය වාහනවලට (Cybercabs) සහ අභ්‍යවකාශයේ ස්ථාපනය කිරීමට නියමිත Data Centers සඳහා use කරන්න plan කරන් ඉන්නවා.
මේකට මේ city එකේ ඉන්න මිනිස්සු 900ක් විතර පෙත්සමකින් විරෝධය දක්වල තියෙනවා.
මේ ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් සහ වතුර ලොව ධනවත්ම මනුස්සයාට “Black Friday” ඩිස්කවුන්ට් එකකට දෙනවා වගේ වැඩක් වගේ කියලා මිනිස්සු චෝදනා කළත්, පාලකයින් විසින් ඒ සඳහා වන බදු සහන අනුමත කරලා තියෙනවා.
ලෝකයේ ප්‍රබලම AI චිප් නිෂ්පාදනය කරන්න යන Elon Muskගේ මේ දැවැන්ත ව්‍යාපෘතිය නිසා කුඩා ගම්මානයක පරිසරය සහ මිනිස්සුන්ගේ ජීවන රටාව එක රැයකින් ලොකු වෙනසක් වෙන්න පුලුවන්…
– Aadi –

Leave a Reply