හාල් කිලෝ එකක් රු. 32,000යි

හාල් කිලෝ එකක් රු. 32,000යි

හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වන සහල් වර්ගයක් ගැන ඔයා දන්නවද? ඒ, ජපානෙ ප්‍රසිද්ධ ටොයෝ සමාගම විසින් නිෂ්පාදනය කරන කින්මෙමායි ප්‍රීමියම් සහල්..

2016 අවුරුද්දෙදි මේ සුපිරි සහල් වර්ගයේ කිලෝ එකක මිල ඇ. ඩො. 120ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ වෙනකොට මේ සහල් වර්ගයෙන් කිලෝ එකක් ඇ. ඩො. 109ක්.. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රු. 32,000ක් වගේ. ඇත්තට ම මේක ලෝකයේ වැඩිම මිලට විකුණන සහල් වර්ගය බවට පත් වෙලා තියෙනවා.

ඔයා කල්පනා කරනව ඇති මොකක්ද එච්චරටම මේකෙ තියෙන විශේෂත්වය කියලා. මේ සහල් නෙළාගන්නෙ අතින්. ඒකටත් විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරනවා.. ඒ නිසා මේ සහල් ඇටවල රසය, ගුණය සහ සුවඳ කියන සියලු ගුණාංග ආරක්ෂා වෙනවා.. සාමාන්‍යෙන් මේ සුවිශේෂී සහල් අලෙවි කරන්නෙ ග්‍රෑම් 140 වගේ පැකට් වලින් කියල තමයි ආරංචි වෙන්නේ..

ජපන් සංස්කෘතියෙ සහල් වලට තියෙන වැදගත්ම තමයි මේ දේවලින් පැහැදිලි වෙන්නෙ.. ඔවුන්ට සහල් වගාව කියන්නෙ ආහාරයක් ම විතරක් නෙවෙයි. කලා කෘතියක්.. මේ සහල් පරිභෝජනය කිරීම සුපිරිම අත්දැකීමක් විදියට තමයි ජපානෙ ජනතාව දකින්නේ.

ලෝකෙ මිල අධිකම සහල් වර්ගය වුණත්, මේකෙ රසය සහ ගුණය ගැන කිසිම විදියකින් පසුතැවෙන්න දෙයක් නෑ කියල තමයි මේ සහල් පාවිච්චි කරන අය කියන්නේ.


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *