ලෝකයේ භායනකම ශාඛය

ලෝකයේ භායනකම ශාඛය

මේ ශාඛය නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයෙ තමයි මුලින්ම හැදෙන්නේ.. photo එකේ තියෙන විදියටම මේ ශාඛය වටේම තියෙනවා කම්බි කූඩුවක්.. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් නේද මේ ශාඛය කොච්චර භයානකද කියලා?

මේ ශාඛය ගාව තියෙන warning board එකක මෙහෙම තියෙනවා.. “එක සැරයක් ස්පර්ශ වුනොත් , ඒ ස්පර්ශය මාස නමයක් පුරාවටම නැවත නැවත ඇතිවන දැඩි වේදනාවකට හේතුවක් වෙන්න පුළුවන්!” කියලා..

ඒත් කොහොමද එහෙම වෙන්නෙ?

මේ ශාඛයේ සෑම කොටසක්ම සිලිකා රෝම වලින් වැහිලා තියෙනවා. මේවා හයිපෝඩර්මික් ඉඳිකටු වගේ තමයි ක්‍රියාත්මක වෙන්නෙ.. ඔයා වැරදිලා හරි touch කලොත් ඔයාව ලොකු shock එකකට අහුවෙනවා..

prof. ඉරිනා වෙටර් පරීක්ෂකවරියක්.. ඇය කියන විදියට ඔයා මේක touch කලොත් මොකද දන්නවද වෙන්නෙ? මේකෙ තියෙන මේ ඉඳිකටු ඔයාගෙ ඇඟ ඇතුලට යනව හරියට සිරින්ජයක් ක්‍රියාත්මක වෙනව වගේ.. ඊට පස්සෙ ඔයාගෙ ඇඟ ඇතුලට විශක් එන්නත් කරනව වගේ දෙයක් වෙනව.. අන්න ඒකෙන් තමයි ඔයාව shock වෙන්නේ..

මේකෙන් ඇතිවන වේදනාව අඩුම ගානෙ සාමාන්‍යෙන් පැය හයක් අටක් වගේ තියෙනවලු.. ඒත් ඇත්තටම ඒක සැරින් සැරේ දවස, සති, මාස ගානක් පුරාවටම සැරින් සැරේ මතු වෙන්න පුළුවන් ලු..

මෙහෙම ගස් තියෙන කැලයක් මැද්දෙන් ඔයාට යන්න වුණොත් කොහොමද නේ?

– By Ihara –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *