පිරමීඩ යට වෙනම ලෝකයක්?

පිරමීඩ යට වෙනම ලෝකයක්?

පිරමිඩ් කියන්නේ ලෝකේ තියෙන පුදුම හතෙන් එකක්නේ. හැබැයි දැන් අලුත් රහසක් එළියට ඇවිත් තියෙනවා. මේක හොයාගෙන තියෙන්නේ ඉතාලියේ පීසා විශ්වවිද්‍යාලයේ කොරාඩෝ මලංගා කියන පර්යේෂකයයි, ඒ වගේම ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්වවිද්‍යාලයේ පිලිපෝ බියොන්ඩි කියන පර්යේෂකයයි එකතු වෙලා. මේ දෙන්නා රේඩාර් තාක්ෂණය පාවිච්චි කරලා පිරමිඩ් යට තියෙන දැවැන්ත ව්‍යුහයක් හොයාගෙන තියෙනවා.. ඒගොල්ලෝ පාවිච්චි කරපු රේඩාර් වර්ගයට කියන්නේ සින්තටික් ඇපර්චර් රේඩාර් (Synthetic Aperture Radar – SAR) කියලා. ඒක හරියට අඳුරේ තියෙන දේවල් පවා බලන්න පුළුවන් විශේෂ ඇස් වගේ දෙයක්.

හිතා ගන්න පුළුවන්ද, මේ පිරමිඩ් යට කිලෝමීටර් දෙකක් විතර දිගට විහිදිලා යන දැවැන්ත භූගත ව්‍යුහයක් ගැන? ඒකත් අයිෆල් කුළුණ වගේ දෙගුණයක් ගැඹුරට යනවාලු. ඒ කියන්නේ අපි හිතුවටත් වඩා මේ පිරමිඩ් ලෝකේට කියන කතා ගොඩක් තියෙනවා. මේ භූගත ව්‍යුහයේ විවිධ මට්ටම් තියෙනවාලු, ඒ වගේම ජ්‍යාමිතික හැඩතලවලින් යුක්ත පාරවල් පවා තියෙනවාලු. ඒක දැක්කම මට මතක් වෙන්නේ අර පැරණි කාලේ රජවරුන්ගේ රහස් උමං මාර්ග. සමහරවිට මේකත් ඒ වගේ දෙයක් වෙන්න ඇති. නැත්නම් ඊට වඩා මොකක් හරි විශේෂ දෙයක් වෙන්නත් පුළුවන්. කවුද දන්නේ අතීතයේ මිනිස්සු මොන මොන වගේ දියුණු දේවල් පාවිච්චි කළාද කියලා. සමහරවිට අපි අද ඉන්න තැනට වඩා ඒ කාලේ මිනිස්සු ඉදිරියෙන් හිටියා වෙන්නත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, මේ තනිකරම සොහොන් කොත් විතරක් නෙවෙයි කියලත් සමහර විද්‍යාඥයෝ මතයක් දෙනවා. ඒගොල්ලෝ කියන්නේ මේක මොකක් හරි යාන්ත්‍රික වැඩකට හරි, නැත්නම් ශක්තිය නිපදවන තැනකට හරි පාවිච්චි කරන්න ඇති කියලා. නිකොලා ටෙස්ලා වගේ අයත් ඒ කාලේ මේ වගේ අදහස් කියලා තියෙනවා. එයා කියපු විදිහට පිරමිඩ් කියන්නේ පෘථිවියේ ස්වභාවික ශක්තිය උරාගන්න පුළුවන් උපකරණයක් වගේ දෙයක්. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද අතීතයේ මිනිස්සුන්ට අපි නොදන්නා ගොඩක් දේවල් ගැන දැනුම තිබුණා කියලා ඔප්පු වෙන තැන් ඕන තරම් තියෙනවා.

දැන් ඉතින් මේක තවත් හොයලා බලන්න කැණීම් කරන්න ඕනේ. හැබැයි ඒකට ඊජිප්තු රජයෙන් අවසර ලැබෙයිද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අලුත් දේවල් හොයන එකට එච්චර කැමති නැහැලු. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලෝ දන්න දේවල් විතරක් ඇත්ත කියලා පිළිගන්න. අලුත් දේවල් එනකොට පරණ දේවල් අයින් කරන්න සමහර අය කැමති නැහැනේ.. 🙂

By Ihara


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *