දොරට ළඟ ඩොලර් මිලියනයක්!

දොරට ළඟ ඩොලර් මිලියනයක්!

එක්තරා දවසක,

රුමේනියාවේ වයසක කාන්තාවක් එයාගේ දොරේ අඩේට තියන්න ගල් කැබැල්ලක් සොයාගෙන ඇවිත් තියෙනවා.ඒ කාන්තාව බොහෝ කාලයක් ඒ ගල් කැබැල්ල ප්‍රයෝජනයට අරගෙන තියෙනවා.. ඉතින් කාලයත් එක්ක මේ කාන්තාව මිය ගිහින් තියෙනවා.හැබැයි ඒ ගල් කැබැල්ල මිය යනකොටත් එයාගේ ගෙදර door එකේ අඩයක් විදියට තිබිලා තියෙනවා.මේ ගල් කැබැල්ල දැකපු මේ කාන්තාවගේ relation කෙනෙක් මේ ගල් කැබැල්ල ටිකක් අමුතු ස්වරූපයක් තිබුනු නිසා ඒ ගල් කැබැල්ල අධ්‍යනය කරන්න විශේෂඥයින්ට දීලා තියෙනවා.

ඉතින් පුදුම වෙන්න කාරනයක් විදියට, මේ 3.5kg බරැති ගල් කැබල්ල ලොව විශාලතම නොනැසී පවතින පාෂාණ කැබලිවලින් එකක් ලෙස හැඳින්වෙලා තියෙනවා.ඉතින් කාලයත් එක්ක තමයි මේ ගල් කැබැල්ලට වටිනාකමක් දීලා තියෙන්නෙ.

ඔයා දන්නවද, මේකේ වටිනාකම යුරෝ මිලියන 1 සහ ඩොලර් මිලියන 1.1 ක් පමණ වෙනවා. විශේෂඥයින් කියන විදියට මේ ඇම්බර් කැබැල්ල, ගස් දුම්මලකින් හටගෙන තියෙන අතර, තද උණුසුම් වර්ණ සහිත ද්‍රව්‍යයකින් සමන්විත වෙලා තියෙනවා කියල තමයි කියන්නේ. ඒ වගේම අවුරුදු මිලියන 38 සිට 70 අතර පැරණයි කියලත් ඔප්පු වෙලා තියෙනවා.

ඉතින් අවසානයේදී මේ ගල් කැබැල්ල රුමේනියාවේ ජාතික නිධානයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර බුසාවු හි පළාත් කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා වගේම මේ ගල් කැබැල්ල කාලයක් තුළ අතිශය වටිනා කුඩා නිධානයක් බවටත් පත්වෙලා තියෙනවා.

– By Avish –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *