කලුවරේ සැරිසරන අත්භූත එළියක් එක්ක "කළු මුහුදේ රාක්ෂයා!" ඇත්තටම කවුද මේ Anglerfish කියල කියන්නේ? ගොඩාක් තරහ ගිය මූණක් තියෙන මේ අමුතු සත්වයා ජීවත් වෙන්නේ පෘථිවියේ ජීවත්වෙන්න වඩාත්ම නුසුදුසු තැනක් කියලා හඳුන්වන ගැඹුරු මුහුදු පත්ලේ,හුදකලා ආලෝකයක්වත් නැති ගණ අන්ධකාරයේ. Anglerfish ගේ Scientific name එක තමයි ලොෆිෆෝමස් කියල කියන්නේ. මාංශ භක්ෂක මත්ස්‍යයෙක් වගේම ප්‍රමාණය අඟල් 8 සිට 40 දක්වා හඳුන ගන්න පුළුවන්. Anglerfish ජීවත් වෙන්නේ අත්ලාන්තික් සහ ඇන්ටාක්ටික් සාගර වල අඳුරු ගැඹුරේ, මතුපිට ඉඳලා සැතපුමක් දක්වා පහළින්. සාමාන්‍යයෙන් තද අළු සහ තද දුඹුරු පාට සමක් තියෙන anglerfish ට විශාල හිසක් වගේම තියුණු දත් තියෙනවා. සමහර Anglerfishලා තරමක් විශාල විය හැකි අතර දිග අඩි 3.3 ඉඳලා අඩි 4 දක්වා විශාල වෙන්න පුළුවන්. කොහොම වුණත් anglerfish කියල කියන්නේ ගොඩාක් වෙලාවට අඩියකට වඩා අඩු කුඩා ශරීරයක් තියෙන රාක්ෂ පෙනුමක් තියෙන අමුතු මත්ස්‍යයෙක්. මුහුදු ගැඹුරට අනුවර්තනය වෙන විදිහට ගොඳුරු අල්ලා ගැනීමට පහසු වෙන්න Anglerfishට තියෙන්නේ හරිම අමුතු ගැජට් එකක්. ඔලුවේ කෙලවරින් මේ ආලෝකය anglerfish ගේ ගොදුර අඳුරෙන් පිටතට ඇද ගෙන එයට පහර දීමට උදව් කරනවා. මේ අමුතු ගැජට් එකේ කෙළවර ජෛව දීප්ති බැක්ටීරියා විශාල සංඛ්‍යාවක් වාසය කරනවා වගේම anglerfishට ඕන කරන ආලෝකය ඒකෙන් ලැබෙනවා. හැබැයි මේ අපේ කතාව වුණාට Anglerfish නම් කිව්වේ මෙහෙම කතාවක්. " දන්නවද යාලුවේ , අඳුරටම දීලා මගෙ එළිය හොඳටම මහන්සි නිසා මට අවසන් හුස්ම යන්න ඔන්න මෙන්න

කලුවරේ සැරිසරන අත්භූත එළියක් එක්ක “කළු මුහුදේ රාක්ෂයා!”

මේ දවස් වල හැමෝම කතා වෙන අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් කැනරි දූපත් ළඟ මුහුදෙන් මතු වුණ කලුම කලු රාක්ෂයා ගැන හොයලා බලමුද?

ඇත්තටම කවුද මේ Anglerfish කියල කියන්නේ?

ගොඩාක් තරහ ගිය මූණක් තියෙන මේ අමුතු සත්වයා ජීවත් වෙන්නේ පෘථිවියේ ජීවත්වෙන්න වඩාත්ම නුසුදුසු තැනක් කියලා හඳුන්වන ගැඹුරු මුහුදු පත්ලේ,හුදකලා ආලෝකයක්වත් නැති ගණ අන්ධකාරයේ.

Anglerfish ගේ Scientific name එක තමයි ලොෆිෆෝමස් කියල කියන්නේ. මාංශ භක්ෂක මත්ස්‍යයෙක් වගේම ප්‍රමාණය අඟල් 8 සිට 40 දක්වා හඳුන ගන්න පුළුවන්. Anglerfish ජීවත් වෙන්නේ අත්ලාන්තික් සහ ඇන්ටාක්ටික් සාගර වල අඳුරු ගැඹුරේ, මතුපිට ඉඳලා සැතපුමක් දක්වා පහළින්. සාමාන්‍යයෙන් තද අළු සහ තද දුඹුරු පාට සමක් තියෙන anglerfish ට විශාල හිසක් වගේම තියුණු දත් තියෙනවා. සමහර Anglerfishලා තරමක් විශාල විය හැකි අතර දිග අඩි 3.3 ඉඳලා අඩි 4 දක්වා විශාල වෙන්න පුළුවන්. කොහොම වුණත් anglerfish කියල කියන්නේ ගොඩාක් වෙලාවට අඩියකට වඩා අඩු කුඩා ශරීරයක් තියෙන රාක්ෂ පෙනුමක් තියෙන අමුතු මත්ස්‍යයෙක්.

මුහුදු ගැඹුරට අනුවර්තනය වෙන විදිහට ගොඳුරු අල්ලා ගැනීමට පහසු වෙන්න Anglerfishට තියෙන්නේ හරිම අමුතු ගැජට් එකක්. ඔලුවේ කෙලවරින් මේ ආලෝකය anglerfish ගේ ගොදුර අඳුරෙන් පිටතට ඇද ගෙන එයට පහර දීමට උදව් කරනවා. මේ අමුතු ගැජට් එකේ කෙළවර ජෛව දීප්ති බැක්ටීරියා විශාල සංඛ්‍යාවක් වාසය කරනවා වගේම anglerfishට ඕන කරන ආලෝකය ඒකෙන් ලැබෙනවා.

හැබැයි මේ අපේ කතාව වුණාට Anglerfish නම් කිව්වේ මෙහෙම කතාවක්.

” දන්නවද යාලුවේ ,

අඳුරටම දීලා මගෙ එළිය

හොඳටම මහන්සි නිසා මට

අවසන් හුස්ම යන්න ඔන්න මෙන්න

මං ආව බලන්න හැමෝම කියපු ඉර එළිය 🥺”


Posted

in

by

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *