South Korea Music industry එකේ ප්‍රධානතම සම්මාන උළෙලක් වෙන 2026 Melon Music Awards (MMA) පසුගිය නොවැම්බර් 14 සහ 15 කියන දවස් දෙකේ දකුණු කොරියාවේ Seoul වල Gocheok Sky Dome හිදී උත්කර්ෂවත් විදියට පැවැත්වුණා.
මේපාර MMA සම්මාන උළෙලේ විශේෂත්වයක් වුනේ, එකේ history එකේ පළවෙනි වතාවට උළෙල දින දෙකක් පුරා පැවැත්වීමයි. ලෝකෙ පුරාම K-pop රසිකයන්ගේ අවධානය දිනාගත් මේ ceromany එක පැවත්වුන දෙදින තුළ ටිකට්පත් 36,000කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා.
මේපාර සම්මාන උළෙලේ BTS group එක වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගැනීමට සමත් වුණා. එයාලා Album of the Year, සහ Artist of the year ඇතුළු සම්මාන හයක් දිනාගැනීම විශේෂත්වයක්.
BTS group එකේ පස්වෙනි Album එක ARIRANG වෙනුවෙන් Album of the Year සම්මානය හිමි වූ අතර, Global TOP10, Stage of the Year, Top 10, Best male group කියන සම්මාන ද එයාලට හිමි වුණා.
ඒ වගේම AESPA group එකට අලුතින් හඳුන්වාදුන් Global-K Artist of the Year සම්මානය ද හිමිවුණා. සහ Global TOP10 සම්මානය ද ඔවුන් දිනාගත්තා.
මේ අතර IVE group එකත් සම්මාන උළෙලේ කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ තමයි එයාලගෙ BANG BANG song එක වෙනුවෙන් Song of the Year සම්මානය දිනාගැනීමයි. ඒත් එක්කම Best Female Group සහ Best Music Video, Global Top 10, Top 10 කියන සම්මාන පහම IVE group එකට ලැබුනා.
තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කළේ CORTIS group එක. එයාලා Record of the Year සම්මානය දිනාගැනීමට සමත් වූ අතර, TOP10 සහ Global TOP10 සම්මාන ද ඇතුළුව සම්මාන තුනක් හිමිකර ගත්තා.
MMA සම්මාන උළෙලේ තවත් ජයග්‍රාහකයන් අතර New Artist of the Year සම්මානය දිනාගත්තේ ALPHA DRIVE ONE & LNGSHOT, Best Solo Female සම්මානය දිනාගත්තේ YENA සහ Best Solo Male සම්මානය දිනාගත්තේ Lim Young Woong. තවත් විශේෂ ජයග්‍රහණයක් වාර්තා කළේ RESCENE සහ Hearts2Hearts කණ්ඩායම් දෙකයි. ඔවුන් දෙපාර්ශ්වයම සම්මාන තුන බැගින් දිනාගැනීමට සමත් වුණා.
අවුරුදු 10කට පස්සෙ නැවත එක්වුන I.O.I group එකට ද මේපාර සම්මාන උළෙලේදී විශේෂ පිළිගැනීමක් හිමිවුණා. එයාලා TOP10 සහ Best Music Style සම්මාන දිනාගත්තා.
ඒවගේම Best Pop Artist සම්මානය Bruno Mars ට හිමි වූ අතර, Best OST සම්මානය Kim Min Seok දිනාගත්තා. Global Rising Artist Award එක TUIDE group එකත් AND2BLE කියන groups දෙකම දිනාගත්තා. Hot Trend award එක ATEEZ සහ RESCENE groups දෙකත්, Best Producer award එක Kim Hyun-jung (BIGHIT MUSIC) වෙනුවෙන් දිනාගත්තා.
මෙවර MMA 2026 සම්මාන උළෙල K-pop සංගීතයේ ගෝලීය ජනප්‍රියත්වය වගේම විවිධ සංගීත කණ්ඩායම්වල සාර්ථකත්වය නැවතත් ලෝකයට පෙන්වා දුන් සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
BTS, AESPA, IVE & CORTIS ඇතුළු කලාකරුවන්ගේ ජයග්‍රහණ සමඟින් මෙවර Melon Music Awards 2026 සාර්ථකව අවසන් වුණා.
https://www.instagram.com/p/DfxKlq4SgA2/?rpxt=MWZhMHA5OTMyb2xpMw==
#MMA #MelonMusicAwards #Seoul #BTS #AESPA #IVE #CORTIS #AlbumOfTheYear #ArtistOfTheYear #GlobalTop10 #StageOfTheYear #GlobalKArtistOfTheYear #SongOfTheYear #RecordOfTheYear #Kakaobank #Kpop #Army #Dive #Core #My #GlobalKpop
– MINJI –

Leave a Reply