Title – Jimin ඔප්පා වෙනස් වෙලා😔
Jimin ඔප්පා ගැන කිසිම update එකක් තිබුණේ නැහැ පහුගිය කාලෙම. ඒක ඔයා දන්නවා නේ..
Song da eun උන්නි එක්ක affair එකක් ඇත්තටම තියෙනවද නැද්ද කියන එක නම්.. අනේ මන්දා🤷🏻♀️
කොහොමහරි අගෝස්තු 27 Song da eun අපේ Jimin ඔප්පා Elevator එකකින් එනකං surprise කරන්න බලන් ඉන්න TikTok එකක් දැම්මානේ..
ඔන්න ඕක තමා ප්‍රශ්නේ වුණේ..
මේ incident එකෙන් පස්සේ Jimin ඔප්පා social media වලින් අතුරුදහන් වුණා වගේ එකක් වුණා. 2022 ඉඳන් මේ දෙන්නාගේ affair එකක් වගේ එකක් තිබ්බානේ.. හැබැයි මේ ඕපාදූප, කටකතා අපේ ඔප්පට හරි කරදරයක්🥲
අපේ අහිංසක ඔප්පාගේ සති ගාණක අතුරුදහන් වීමෙන් පස්සේ ඔන්න ආපහු එයා අපි ඉස්සරහට ආවා…
Airport එකෙන් තමා Jimin ඔප්පා මතු වුණේ.
Appearance එකත් එක්ක වෙනස් වෙලා, hair එක blonde hair එකක් කරලා, කණ්නාඩි දෙකකුත් දාගෙන, හරිම ලස්සන look එකකින් තමයි එයා ආපහු එන්නේ.. Fans ලාව පිස්සු වට්ටන්න තරම් ඔප්පගේ comeback එක powerful වුණා. හැමෝම කියන්නේ එයාගේ අලුත් blonde hair එක එයාට perfectly match වෙනවා කියලා.
අපේ ඔප්පා ආයේ ආවා නේ, දැන් ඉතින් නිදහසේ හුස්ම ගන්න..
– Maleesha –
