අපි සාමාන්‍යයෙන් fashion කරනකොට සීමාවක් නැතුව fashion කරනවා නේ. ඒ කියන්නෙ අඩුම තරමේ සතියකට එක පාරක්වත් salon එකකට ගිහින් අපි hair එකට අලුත් cut එකක්, trending colour එකක්, මූණට facial treatment එකක්, nails වලට ලස්සන colour එකක්. ඔය වගේ එකී මෙකී නොකී එක එක විදිහේ දේවල් trend එකට සෙට් වෙන විදිහට try කරනවා. ඒක ඉතින් දැන් අපිට හරි සාමාන්‍ය දෙයක්.
හැබැයි නිකමට හරි ඔයා fashion එකක් කරලා ලෝක වාර්තාවක් තියලා නැහැනේ. ඉතින් මේ කියන්න යන්නෙ ඒ වගේ fashion එකක් කරලා තියපු world record එකක් ගැන.
එන්නකො කියවන්න ඉතින්! 😉
වියට්නාම්වල Luu Cong Huyen කියලා පිරිමි කෙනෙක් ඉන්නවා. මෙයා අමුතු විදිහේ fashion එකක් අවුරුදු ගාණක් තිස්සෙ කරලා තියෙනවා. අපි නිකමට ආසාවට නියපොතු දිගට වැවුවට luu cong ඒක world record එකක් තියන්න ඕනි නිසාම, එයාගේ නියපොතු අවුරුදු 34 ක් තිස්සෙ දිගටම වවන්න තීරණය කරලා තිබුණා. ඉතින් මේ මෑතකදී luu cong “ලෝකේ දිගම නියපොතු තියෙන මිනිසා” බවට ගිනෙස් world record එක තිබ්බා.😃
මෙයාගෙ නියපොතු වල දිග අඩි 19 ක් සහ අඟල් 6 ක් වෙලා තියෙනවා. කියන විදිහට සාමන්‍ය වැඩිහිටි ජිරාෆ් කෙනෙකුගෙ උසට වඩා මේ නියපොතු දිගයිලු.😬
ඔයා photos වල දකින්න ඇති Huyen ගේ nails වල එක එක පාට ගෑවිලා තියෙනවා. හැබැයි ඒවා nail polish නෙවෙයි.🤭
මොකද මෙයා ගෙවල්වල wall වල ලස්සනට බිතුසිතුවම් අඳින කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි එයාගෙ නියපොතු වල පාට තැවිරිලා තියෙන්නෙ.
මොකද කියන්නෙ නිකන් තියෙන නියපොත්තක් වවල sri lanka වෙන් ඊළඟ record එක තියමුද?😛
– Avish –
