ඔප්පගේ වැඩ කිඩ!

දැන් මේ කියන්නේ මොන ඔප්පා ගැනද? ඔයා දන්නවනේ BTS ලගේ පොඩිම වැඩ්ඩා Jungkook ඔප්පා. අන්න එයා ගැන!

මේ ළඟදි record එකක් තියලනේ.. July 21 වෙනිදා පැවැත්වුණු World music awards වලට අනුව Jungkook ඔප්පා තමයි Spotify එක හරහා නිකුත් කරපු හැම song එකක්ම streams මිලියන 100 ඉක්මවලා ගිය පළවෙනි Asian artist!

අනිත් record එක ගිනස් record එකක්. ඒ තමයි “The fastest artiste in history to reach one billion Spotify streams!” ඒ දවස් 409 ක් ඇතුලත solos 3 කින් Spotify streams බිලියනයක් reach කරලා.

එච්චරද? නෑ නෑ… මෙයාගේ මුලු Spotify එකම දැන් streams බිලියන 9.2 reach out කරලා තියෙනවා විතරක් නෙමෙයි එහෙම වුණ පළවෙනි Asian artist තමයි මෙයා. එහෙම වුණ පළවෙනි K-pop solo artist වෙන්නෙත් මෙයා තමයි. වැඩ්ඩෙක් නෙහ්!

මෙයාගේ Spotify එකෙන් stream කරලා තියෙන Songs 47 න් 18 ක් originals. අනිත් ඒවා remix.

Oneily vibe එකට අනුව Jungkook කියන්නේ Spotify වල හැම solo එකකින්ම streams මිලියන 100 ඉක්මවලා ගිය ලෝකේ top artists ලා 3 දෙනා අතරින් එක්කෙනෙක්. අනිත් දෙන්නා තමයි Harry Styles and Billie Eilish.
මෙයාගේ most streamed track එක තමයි Seven කියන්නේ. (2.4 billion streams)
ඊටපස්සේ standing next to you (1.2 billion streams)
Left and right (1.1 billion streams)

දැක්කනේ ඔප්පගේ වැඩ.. BTS ලාගේ පොඩිම වැඩ්ඩා ගැන අනිත් ඔප්පලා ටිකත් අනිවාර්යයෙන්ම සතුටු වෙනවා ඇති!

– Maleesha –