කිටියෙක් කරපු හරියක් !!

අපි, නොදන්න Phone numbers ගැන කතා කළොත් ඉතින් කියන්න දේවල් ගොඩයි නේ.
ලංකාවේ නම් දවසකට prank calls කීයක් එනවද?😌 හැබැයි එක දිගටම එකම එක දෙයක් අහලා calls ආවොත් ඔයා මොකද කරන්නෙ?

එන්නකො කියවන්න.

මේ සිද්ධිය වෙලා තියෙන්නෙ කැනඩාවේ ඉන්න girl කෙනෙක්ට. මෙයාගේ නම නටාෂා.

ඉතින් නටාෂාට දවස් ගානක් තිස්සෙ නොදන්න numbers වලින් calls ඇවිල්ලා තියෙනවා. හැබැයි පුදුම වෙන්න දේ තමයි ඒ කතා කරන හැමකෙනාම කියන්නෙ සහ අහන්නෙ, එකම එක දෙයයි. නටාෂා කියන විදියට එයාට කතා කරලා කියන්නෙ “ඔයාගේ පූසා හොයාගත්තා” කියලා. හැබැයි නටාෂාගේ ඇත්තටම පූසා නැති වෙලා තිබුණෙ නැහැ.

දිගින් දිගටම මේ කරදරේ ඉවසගන්න බැරි වුණ නටාෂා, මේ ගැන හොයන්න පටන් ගත්තා.

මේ ගැන හොයන්න පටන් ගන්න නටාෂාට plus point එකක් වුණ දෙයක් තිබුණා. ඒ තමයි ඒ නැති වුණා කියන cat ගේ name එක. Cat ගෙ නම වුණේ torbor. ඉතින් නටාෂා ඒ name එක ඔස්සෙ යනකොට මෙයාට හම්බවෙනවා එක T-shirt එකක්. ඉතින් ඒකේ නැති වෙච්ච torbor ගැන සහ cat ව හම්බුණොත් කතා කරන්න කියලා number එකක් තිබුණා. ඉතින් ඒ නම්බර් එක නටාෂාගේ number එක.🥲

තව ටිකක් හොයලා බලනකොට මේ T shirt එක කරන්නෙ wisdomw New York කියලා company එකක්. Company එක කියන්නෙ, මේක හිතා මතා නොකරපු දෙයක් කියලයි. ඉතින්, නටාෂා අවුරුදු 20 ක් use කරපු number එක මේක නිසා number එක change කරන්න එයාට අදහසක් නෑ. හැබැයි කතා කරන අයට උත්තර නම් දෙන්නෙ නැහැලු. ඒ විතරක් නෙවෙයි T shirt මෙයාටත් ලැබෙයි, එයා ඒකට සුදුසුයි කියලත් නටාෂා හිතාගෙන ඉන්නවා.

– Avish –