Release වෙන්න අවුරුද්දකට කලින් tickets sold out! 😳

Title එක දැක්කනේ.. ඔව්! මේ movie එක release වෙන්න තියෙන්නේ 2026 ජූලි මාසේ. හැබැයි මේ වෙනකොට tickets විකිණිලත් ඉවරයි. එහෙම වෙන්න පුළුවන් ද ? මං ඔයාට කිව්වොත් මේක Christopher Nolan ගේ movie එකක් කියලා? එතකොට ඔයා කියයි වෙන්න පුළුවන් කියලා.

Oppenheimer movie එකෙන් පස්සේ Nolan direct කරන The odyssey movie එක තාමත් තියෙන්නේ production එක මැද. හැබැයි team එක මේ ළඟදී 70mm IMAX exclusive tickets ටිකක් release කළා. Release කරලා පැයක් ඇතුලත ලෝකේ පුරා sold out! මේ වෙනකොට සමහර tickets ඩොලර් 400 ට ආපහු විකිණෙනවා.

IMAX Company එක කියන විදිහට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවට. The Hollywood Reporter එක කියන විදිහට tickets විකිණෙන්න ගත්ත පළවෙනි පැයේම income එක ඩොලර් මිලියන 1.5 ක්.

Film එක මොන වගේ වෙයිද කියලා හිතාගන්න පුළුවන් නේ? කොහොමත් Nolan තමයි 21 වන ශතවර්ෂයේ Film directing අතින් ගත්තම legend. ලෝකේ පුරා බිලියන 6.6 කට වඩා ආදායමක් මෙයාගේ films වලට ලැබිලා තියෙනවා. ඒ ඔස්සේ Nolan ට වැඩිම ආදායම් ලාභී film directors ලා අතර 7 වෙනි තැනට එන්න පුළුවන් වුණා. මෙයාට ලැබිලා තියෙන awards ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හැබැයි awards විතරක් නෙමෙයි 2024 දී, film industry එකට කරන සේවය වෙනුවෙන් Knight පදවියකුත් ලැබුණා.

එහෙනම් දැන්ම ඉඳන් movie පිස්සෝ ටික මේ පිස්සුව බලන්න ready වෙන්න!

– Maleesha –