Law of attraction වලින් සම්මාන ගත්ත ජැකී චෑන්!

හීන හැබෑ කරගන්නවා කියන්නෙ කරන්න බැරිදෙයක් නෙවෙයි. හැබැයි එහෙම වෙන්න නම් ඒකට ඔයා දිගින් දිගටම, උත්සාහ කරන්න ඕනි. එතකොට කවදා හරි දවසක ජැකී චෑන්ට දැණුන දේ ඔයාගෙම dream stage එකකදී ගොඩක් ලස්සන කතාවක් විදිහට ඔයාටම කියන්න පුලුවන් වෙයි. ඒත් මොකද්ද මේ ජැකී චෑන්ට දැණුන දේ??

“මම නළුවෙක් වුණ මුල් කාලෙ ඉඳන් හැම අවුරුද්දෙම තාත්තා එක්ක Oscar සම්මාන උළෙල බලන්න පුරුදුවෙලා හිටියා. ඒ දවස් වල මගේ අම්මා, තාත්තා මගෙන් අහනවා පුතා, ඔයා කවද්ද ඔස්කාර් සම්මානයක් ගන්නේ? කියලා. මම එදා එයාලට කිව්වා ඒකනම් කවදාවත්ම වෙන දෙයක් නෙවෙයි කියලා..

මීට අවුරුදු 23 කට කලින්, මම මගේ යාළුවා වුණ Sylvester Stallone ගේ ගෙදර ගියා. එයාගෙ ගෙදර මේ සම්මානෙ මට පේන්න තිබුණා. මම ඒක අතගාලා, kiss එකක් එහෙම දීලා ඒ සම්මානෙ සුවඳ feel කරන්න පුරුදු වුණා. මම හිතන්නෙ මගේ finger prints තාමත් ඒකෙ ඇති කියලා. මේ විදිහට film industry එකේ අවුරුදු 56 ක් ඉඳලා, films 200 කට වැඩි ප්‍රමාණයක් හදලා, මගේ ඇගේ ඇටකටු හැම එකක්ම වගේ කඩාගත්තට පස්සෙ මගෙ තාත්තා අහපු ප්‍රශ්නෙට උත්තරය මම අද හොයාගත්තා. අන්තිමට, අද මේ Oscar සම්මානය මගේ අතේ!”

ඉතින් මේ තමයි ජැකී චෑන් කියන අද්විතීය නළුවා 2016 Oscar සම්මාන උළෙලදී කරපු කතාව. සරලවම මෙතන නොපසුබස්නා වීර්යය, කැපවීම සහ ආකර්ශන නීතියත් තිබුණා කියලා ඔයාට තේරුණාද?

– Maleesha –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *