වාර්ථාවක් තියන්න ගිහින් ඔළුවට කරගත්ත දෙයක්

Young generation එකේ girls ලා boys ලා විදියට අපි අපේ hair එකට ආදරේ වගේම අපේ hair එකට අපි එක එක දේවල් කරනවා. කොටින්ම කිව්වොත් කාලෙන් කාලෙට hair එක colour කරනවා, straight කරනවා, perm කරනවා. හැබැයි ඔය දේවල් කළාට ගිනෙස් records තියලා නැහැනේ. මේ කියන්න යන්නෙ එහෙම දෙයක් ගැන.

එන්නකො කියවන්න.

මේ වැඩේ කරලා තියෙන්නෙ, කැලිෆෝනියාවේ, ආන්‍යා බැනාෂ් කියන අවුරුදු 45 ක කාන්තාවක්. මෙයා ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙනවා ගොල්ෆ් ක්‍රීඩාවට. ඒ නිසාම Golf ක්‍රීඩාවත් සම්බන්ධ කරගෙන වාර්ථාවක්තියන්න ඕව වුණා. ඉතින් මේ ආන්‍යා එයාගේ කොණ්ඩෙට golf tees 711ක් set කරලා තිබුණා. ඒ hair style එකක් විදිහට. Golf tees කියන්නෙ, golf play කරන්න ගන්න ball stands.
කියන්නෙ මෙන්න මේකකට

හිතන්නකෝ ඒ වගේ golf tees 711 ඔලුවේ තියාගෙන ඉන්නවා කියන්නෙ, පුදුමයි නේද?😲 ඉතින් මේ වැඩේ නිසා ආන්‍යා ගිනෙස් world record එකත් අරන් තියෙනවා. ඒ වැඩිම Golf tees ගණනක් සහිත කොණ්ඩය තියන කෙනා විදිහට. ආන්‍යාගේ මේ වැඩේට යාළුවෝ help කරලා තියෙනවා. මේ Tees ටික fix කරගන්න විනාඩි 47 ක් ගිහිල්ලත් තියනවා.

ආන්‍යාට මේ දේ කරන්න හිතිලා තිබුනේජොයෙල් ස්ට්‍රැසර් නිසා. කවුද මේ ජොයෙල් ස්ට්‍රැසර් කියලා මම හොයලා බලනකොට තමයි දැක්කෙ ආන්‍යා වගේම වෙනස් විදියට රැවුලට දේවල් දාගෙන වාර්තා තියෙන කෙනෙක් කියලා.🤌

ආ තව දෙයක් ආන්‍යා golf tees ඔලුවේ ගහගෙන ඉන්න video එකත් පහුගිය දවස් වල viral වෙලා තිබුණා.
මේ තියෙන්නෙ video එක..

View this post on Instagram

A post shared by Guinness World Records (@guinnessworldrecords)

එහෙනම් මොකද කියන්නෙ ඔයත් මේක කියවලා අමුතු විදියේ record එකක් තියමුද?🌚

– Avish –