Heartbreak එකට Milkshake එකක්..

Love කරන හැම couple එකකම අවසාන option එක තමයි marrage life එක කියලා කියන්නෙ. ඉතින් තමන්ගේ wife ව, husband ව තේරුම් අරගෙන ජීවිත කාලේටම එකට ඉන්න එක තමයි හොඳ marrage life එකක් කියලා කියන්නෙ. හැබැයි හිතුවෙවත් නැති වෙලාවක ප්‍රශ්නයක් වෙලා දෙන්නටම Divorce වෙන්න වුණොත්, ඔයා මොකද කරන්නෙ?

ඔක්කොට කලින් මේ වීඩියෝ එක බලන්නකො..

මේ සිද්ධිය වුණේ අසල්වැසි ඉන්දියාවේ නලබාරි වල. මනික් අලී කියලා පුද්ගලයෙක් හිටියා. අලීගෙ wife එක්ක අලී හොඳින් හිටියට ටික කාලයක් යනකොට මේ දෙන්නගෙ marrage life එකට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා දෙන්නගෙම කැමැත්තට divorce වෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඊට පස්සෙ අධිකරණය මේ දෙන්නට divorce එක දීලා තියෙනවා.

හැබැයි පුදුම වෙන කාරණාව තමයි ඒ divorce එක ලැබුණ සතුටට අලී, කිරි ලීටර් 40 ක් නාලා තිබුණා. ඔහු තමන්ගේ ගෙදර නළ ළිඳ ළඟ කිරි බාල්දි හතරක් නාලා කරන්නෙ තමන් තමන්ටම වුණ පොරොන්දුවක් ඉශ්ඨ කරගන්න එක කියලා අලී කියලා තිබුණා. ඒ වගේ අලී කියන විදිහට මේ කිරි වලින් නාන්න හේතුව නැවතත් අලුතෙන් තමන්ගෙ ජීවිතේ පටන් ගන්නවා කියන එක කියලත් කියලා තිබුණා. ඒ වගේම අලී නාන video එකත් social media හැම එකකම වගේ viral වෙලා තිබුණා.😊

– Avish –