දෙවැනි හඳ ගමන…

NASA ආයතනය විසින් 2026 අප්‍රේල් 1 වනදා (ඊයේ) ඉතා සාර්ථකව Artemis II රොකට්ටුව උඩුගුවනට යැව්වා.

මේක අවුරුදු 50කට විතර පස්සේ (1972 ඇපලෝ මෙහෙයුම්වලින් පසු) මිනිසුන්ව හඳ දෙසට රැගෙන යන පළමු ගමනයි.

මේ මෙහෙයුමේදී ගගනගාමීන් හඳ මත පය තබන්නේ නැහැ. ඔවුන් හඳ වටා ගොස් (Lunar Flyby) නැවත පෘථිවියට එනවා.

මෙ ගමනට ගගනගාමීන් හතර දෙනෙක් යනවා

*Reid Wiseman
*Victor Glover
*Christina Koch
*Jeremy Hansen

මෙ ගමනේ විශේෂත්වය වන්නේ පලවෙනි වතාවට කාන්තාවක් සහ කළු ජාතිකයෙකු මේ හද දෙසට යන ගමනට එකතු වීමයි.

මේ මුළු ගමනට දවස් 10ක් විතර ගත වෙනවා.

ඊළඟට කරන්න ඉන්න Artemis III මෙහෙයුමෙන් ඒ කියන්නෙ හඳ මත මිනිසුන් බැස්සවීම කලින් සියලුම පද්ධති හරියට වැඩ කරනවාද කියලා පරීක්ෂා කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ.

දැනට රොකට්ටුව පෘථිවි කක්ෂයේ සාර්ථකව ගමන් කරමින් ඉන්නවා, අද (අප්‍රේල් 2) දිනයේදී එය හඳ දෙසට ගමන් කිරීම සඳහා අවශ්‍ය වේගය ලබාගැනීමට නියමිතයි.

මේක මිනිසා නැවතත් හඳ මත පදිංචි වීමට යන ගමනේ ඉතාමත් තීරණාත්මක සහ සාර්ථක ආරම්භයක්! 🔥

– Aadi –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *