Wedding වගේද Anniversary? 😌

මතකද ලෝකෙම හොල්ලපු wedding එක? මං ඔයාට කිව්වොත් ඒක තිබිලා අවුරුද්දක් කියලා ඔයා විශ්වාස කරනවද?? ඒ කියන්නේ රාධිකා සහ අනන්ත් ගේ පළවෙනි wedding anniversary එක. ඔන්න බලන්නකෝ ඉතින් කාලය ගතවෙන ඉක්මන!

ඉන්දියාව දිහා ලෝකෙම බලපු incidents වලින් එකක් තමා මේක. මතකනේ ආව celebrities ලා එහෙම.. ඉන්දියාවේ විතරක් මේ wedding එක ජූලි 12, 13, 14 කියන දවස් තුනේම තිබුණා. Wedding එකට සාපේක්ෂව ගොඩාක් දෙනෙක් බලන් හිටියා ලොකූ anniversary celebration එකක් තියෙයිදෝ කියලා. ඒත් එහෙම පාටක් නම් නෑ..

කොහොමහරි ශාරුක් ඛාන්, සල්මන් ඛාන් වගේ ඉන්දියාවේ දැවැන්ත චරිත එයාලගේ social media accounts වල photos දාලම මෙයාලගේ anniversary එකට wish කරලා තිබුණා.
“Wishing this beautiful couple a very happy anniversary… here’s to many more years of togetherness… Wishing you love and health always. Love you both.” මෙහෙම දාලා තිබුණේ ශාරුක්!
මේ තියෙන්නේ සල්මන්ගේ wish එක “Happy Anniversary Anant n Radhika, Be happy, God bless, Love u”
මේ විදිහට Artist ලා, Celebrities ලා, Businessman ලා ඇතුළු ලෝකප්‍රකට පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් මේ දෙන්නට wish කරලා තිබුණා. හැබැයි wedding එකේ තරමට wedding anniversary එකක් නම් මෙයාලා පවත්වලා නැහැ!

– Maleesha –