AI නිසා හිරේ ගිහින්

AI නිසා හිරේ ගිහින්

අද වෙනකොට හැම දේකටම AI. නමුත් AI හරියටම හරිද. නැත්නම් වැරදිද, මේක අද වෙනකොට විවාධාත්මක තත්වයක්.

කොහොම වුණත් AI ගන්න සමහර තීරණ නිසා අපහසුතාවයට පත් වෙන අය සෑහෙන ප‍්‍රමාණයක් ඉන්නවා. මේ වගේ සිදුවීමක් පසුගිය පෙබරවාරි මාසයේ රුසියාවේ සිදුවෙනවා.
මොහු නමින් Alexander Tsvetkov. Russian Academy of Sciences Institute එකේ විද්‍යාඥයෙක්. ගුවන් ගමනක් අතරෙදි අත්අඩංගුවට ගන්නවා 2002 අවුරුද්දේ සිදුකළා කියන මිනී මැරුම් දෙකකට. අදාල ඝාතකයා හොයාගන්න ආරක්ෂක අංශ ඝාතකයාගේ මුහුණ Recreate කරලා තිබුණා. ඒ මුහුණට මොහුගේ මුණුණ 55% ක් සමානයි කියලා AI එකක් කියපු නිසයි මොහු අත්අඩංගුවට පත් වෙන්නේ.

අදාල මිනී මැරුම සිදුවුණ දවසේ මොහු තමන් එක්ක සිටි බව අනෙක් විද්‍යාඥයන් කිව්වත් ඒක අදාළ වුණේ නෑ. මාස 10 කට පස්සේ ඔහුව ගෙදර යවනවා. නමුත් AI ඇතිකරපු සැකය පොලීසිය තවම අතහැරලා නෑ. රුසියානු ජනාධිපති පුටින් පවා මේකට මැදිහත් වුණා.


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *