ගංවතුරෙත් School යන ගණන් සර්


සාමාන්‍යයෙන් ගුරුවරයෙක් පාසලට යන්නේ බස් එකකින්, වාහනයකින් හෝ පා ගමනින්. හැබැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගණිත ගුරුවරයෙකුට පාසලට යන්න තිබුණේ ඊට වඩා වෙනස්ම ගමනක්.

ඔහුගේ නම අබ්දුල් මලික් (Abdul Malik). ඔහු කේරළයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ Padinjattumuri ප්‍රදේශයේ Muslim Lower Primary School එකේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

🚌 පාසලට යන්න පැය ගණනක්!

මලික් පාසලට රථ මාර්ගයෙන් යනවා නම්, ගමන කිලෝමීටර් 12කට ආසන්න වුණා. ඒ වගේම එක බස් එකකින් ගිහින් ඉවර කරන්නත් බැහැ.

ඔහුට බස් රථ තුනකින් යාමට සිදුව තිබූ අතර, ඒ ගමනට පැය එකහමාරක සිට පැය තුනකට ආසන්න කාලයක් ගතවා
මලික් පාසලට ගිය පළමු අවුරුද්දේදීත් මේ බස් ගමන භාවිත කරලා තිබෙනවා.
ඒත් දවසක් ඔහුගේ සහෝදර ගුරුවරයෙක් ඔහුට වෙනස් අදහසක් දුන්නා.
“ගඟ හරහා ගියොත් කොහොමද?”
එතැනින් තමයි මලික්ගේ අසාමාන්‍ය පාසල් ගමන ආරම්භ වුණේ.
🏊‍♂️ Kadalundi ගඟ ඔහුගේ “shortcut” එක වුණා
මලික් පාසලට යන්න Kadalundi ගඟ හරහා පීනාගෙන යන්න පටන් ගත්තා.
විශේෂයෙන්ම ඔහු කුඩා කාලයේ සිටම එම ගඟේ පිහිනීමට හුරු වී සිටි නිසා, ගඟ හරහා යාම ඔහුට සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නොවුණා. මුල් අවස්ථාවේදී ඔහුගේ පවුලේ අය මේ ගැන බිය වී තිබුණත්, ඔහුට තමන්ගේ හැකියාව ගැන විශ්වාසයක් තිබුනා.
මාර්ගයෙන් කිලෝමීටර් ගණනක් ගමන් කරනවා වෙනුවට, ගඟ හරහා යන මාර්ගය නිසා පාසලට ඇති දුර කිලෝමීටරයකට ආසන්න මට්ටමකට අඩු වුනා

🎒 පොත් ටිකටත් වෙනම plan එකක්!

ගඟට බහිනකොට ඔහු පාසල් ඇඳුම්, පොත් සහ කෑම පෙට්ටිය වගේ දේවල් plastic bag එකකට දමා ආරක්ෂිතව තබාගන්නවා.
ඉන්පසු ඔහු tyre එකක rubber tube එකක් flotation device එකක් වගේ භාවිත කරමින් ගඟ හරහා යනවා.
එක් අතකින් plastic bag එක අල්ලාගෙන, අනෙක් අතෙන් පීනාගෙන හෝ tube එක ආධාරයෙන් ගමන් කරල තියෙනවා

ගඟෙන් එගොඩ වූ පසු ඔහු තමන්ගේ වියළි ඇඳුම් ඇඳගෙන පාසලට යනවා.
කරගත්තා.
🌧️ වැස්ස තිබුණත්?
මේක swimming pool එකක පිහිනනවා වගේ පහසු ගමනක් නෙවෙයි.
Kadalundi ගඟේ ජල මට්ටම ඉහළ යන අවස්ථාවලදීත් මලික් ගඟ හරහා ගිය බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම monsoon කාලයේදී ගඟේ ජල ධාරාව සහ තත්ත්වය වඩාත් අභියෝගාත්මක වෙනවා

📚 වසර 20කට වැඩි කාලයක්!

මලික් එම පාසලට එක්වී තිබෙන්නේ 1992 දී. පළමු අවුරුද්දේ බස් භාවිත කිරීමෙන් පසුව, ගඟ හරහා යාම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඔහු වසර 20කට වැඩි කාලයක් මේ ආකාරයෙන් පාසලට ගමන් කර තිබෙනවා
මලික්ගේ මෙම අසාමාන්‍ය ගමන නිසා ඔහුගේ සිසුන් ඔහුට ආදරයෙන් “Tube Master” කියන නම භාවිත කළ බව පසුව වාර්තා වී තිබෙනවා.

ඔහුගේ ජීවිතයේ මේ ගඟ ගමන් මාර්ගයක් විතරක් නොවෙයි.

මලික් තම සිසුන්ට පිහිනීමත් උගන්වා තිබෙන අතර, ගඟේ ඇති plastic සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සිසුන් සමඟ පිරිසිදු කිරීමේ වැඩසටහන්වලටත් සහභාගී වූ බව වාර්තා වෙනවා.
අබ්දුල් මලික්ගේ කතාවේ විශේෂත්වය ඔහු ගඟක් පීනාගෙන පාසලට ගිය එක විතරක් නෙවෙයි.
ඔහුට තිබුණු ප්‍රවාහන ගැටලුවකට, ඔහු තමන් දන්නා හැකියාවක් භාවිත කරලා practical solution එකක් හොයාගත්තා.

– Senura –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *