මං කෑගහනව හරිද?

මං කෑගහනව හරිද?

මේ තමයි Optimus රොබෝ.
ගෙදර වැඩ ගනනාවක් කරන්න මෙයාට පුලුවන්, ගුරුවරයෙක් වෙන්න පුලුවන්, ඔයාගේ දරුවන් රැකබලා ගන්න පුලුවන් ,ඔයාගේ බල්ලව ඇවිදින්න එක්කන් යන්න පුලුවන්, තණකොළ කපන්න, සිල්ලර බඩු ගන්න යන්න, ඔයාගේ යාලුවෙක් වෙන්න, බීම හදලා දෙන්න , ඕනම දෙයක් කරන්න පුලුවන්.

ඔයාට Optimus රොබෝ කෙනෙක් මිලදී ගන්න තරම් සල්ලි තියෙනව නම්…ඔබේ රොබෝ, මනුෂ්‍යයෙකුට වඩා ඔයත් එක්ක එකමුතු වී වැඩ කරන්න ලෑස්තියි .

එක් රොබෝ කෙනෙක් සමඟ කරපු interview video එකක් social media වල තියනවා.

Interview එක කරන කෙනා ඔප්ටිමස් ගෙන් අහනවා
ඔබ පැමිණෙන්නේ කොහෙන්ද කියාලා‍,

ඔප්ටිමස් රොබෝවරුන් තැනූ කර්මාන්තශාලාව ගැන කතා කරමින් රොබෝවරයා උත්තර දුන්නා. “ඔවුන් අපව පුහුණු කරන්නේ එතැනින්, අපට අපගේ ගොඩනැගීම් ලැබෙන්නේ එතැනින්. ඔවුන් අපූරු, සුපිරි මිනිසුන්.”

එවිට Host – රොබෝ කෙනෙක් වීමේ දුශ්කරම දෙය කුමක්ද? ප්‍රශ්ණය ඇහුවා.

“ඔබ මෙන් මිනිසුන් වන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට උත්සාහ කිරීම” බව රොබෝ උත්තර දුන්නා.

“එය මම සෑම දිනකම වෙහෙස මහන්සි වී කිරීමට උත්සාහ කරන දෙයක් වන අතර එසේ වීමට ඔබ අපට උදව් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” රොබෝගේ උත්තරයයි.

යම් දවසක රොබෝවරුන්ව මේ ලෝකෙන් යවන්න අපි try කලොත්, ” යවන්න හදන්න එපා. මං කෑ ගහනවා ” කියලා තර්ජනය කරලා අපිව බය කරයිද ??🥲

-By Ihara-


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *