නැමෙන iPhone

නැමෙන iPhone

Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි ( foldable ) iPhone යක් 2026 වසරේ වෙළෙඳපොලට හඳුන්වාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මේ වනවිට වෙළෙඳපොලේ ජනප්‍රියම දුරකතන brand එකක් වන iPhone සිය මීළඟ පෙරළිය ලෙස foldable මාදිලියේ දුරකතනයක් එළිදැක්වීමට නියමිතයි.

මෙය Samsung Galaxy Z flip හෝ පැරණි Clamshell flip දුරකථනයක් මෙන් එහි පළල හරහා නැමිය හැකි බවද සඳහන් වේ.

මෙම දුරකථනය 2026 වසරේදී වෙළඳපොලට පැමිණියහොත් ඒ Samsung foldable දුරකථනයක් එළිදක්වා වසර 7කට පසු වීමත් විශේෂත්වයක්.

මේ වසරේ මැයි මාසයේදී ලබාගත් counterpoint research වාර්තා වලට අනුව ගෝලීය නැමිය හැකි smart phone වෙළඳපොල පළමු කාර්තුවේදී 49% කින් වර්ධනය වී ඇති බව සඳහන්.

මේ තත්ත්වය නිසා 2026 වසර වන විට Apple සමාගමට සිය foldable දුරකථනය සැලකිය යුතු ස්ථාපිත වෙළඳපොලකට ඇතුලත් කිරීමට හැකිවීම ඔවුන්ට වාසිදායක බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

– By Maleesha –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *