ඔයා නිදාගෙන ඉද්දි කවුරුහරි ඔයාව control කළොත්?

ඔයා නිදාගෙන ඉද්දි කවුරුහරි ඔයාව control කළොත්?

ඔයාව අද මධ්‍යම රාත්‍රියේ ඇහැරෙනවා කියලා හිතන්න, ඔයාගේ mind එක සම්පූර්ණයෙන්ම අවදියෙන් තිබුණත්, ඔයගේ body එක සම්පූර්ණයෙන්ම frozen. ඔයා කෑගහන්න, හෙලවෙන්න උත්සාහ කරත් ඔයාට ඒ කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා… ඔයට ඔයගේ ඇස් කොනින් සෙවනැලි රූපයක් පේනවා… හරි හරි දැන් බය වෙන්න එපා !
මේ බිහිසුණු අත්දැකීම Sleep Paralysis කියලා තමයි හඳුන්වන්නේ, ඔයාගේ ශරීරය තාවකාලිකව අඩපණ වී තිබිය දී මොලය අවදියෙන් තියෙන තත්ත්වයක් තමයි මේ…

එය පවතින්නේ මිනිත්තු කිහිපයක් පමණක් වුණත්, Sleep Paralysis සදාකාලික වෙන්නත් පුළුවන්. ගොඩක් අය වාර්තා කරන්නේ අඳුරු රූප දැකීම, අමුතු ශබ්ද ඇසීම වගේම එයාලගේ පපුව මත පීඩනයක් දැනීම වැනි රෝග ලක්ෂණ පිළිබඳවයි. මේවා ශතවර්ෂ ගණනාවක් තිස්සේ අවතාර කථා සහ අද්භූත කතාවලට හේතු වූ රෝග ලක්ෂණ ය. කොහොම වුණත්, විද්‍යාව අපිට කියන්නේ Sleep Paralysis යනු නින්දේ චක්‍රයේ ස්වාභාවික දෝෂයක් මිස අද්භූත ක්‍රියාකාරකම්වල ලකුණක් නෙවෙයි කියලා.

ඒක භයානක වෙන්න පුළුවන් හැබැයි, Sleep Paralysis සාමාන්‍යයෙන් හානිකර නැහැ. මේක ගොඩක් වෙලාවට නින්ද යන්නෙ නැති වුණාම, stress නිසා, ක්‍රමවත් නින්දක් නොතිබීම වගේ දේ නිසා සිද්ධ වෙනවා. ඉතින් මේ අවදානම අවම කරන්න නම්, ක්‍රමවත් නිදාගැනීමේ කාල සටහනකට, ආතතිය කළමනාකරණය කරගන්න වගේම නින්දට කලින් කැෆේන් ගැනීමෙන් වැළකීම වගේ good sleep hygiene එකක් practice කරන්න ඕනේ…

Sleep Paralysis හරියට බය හිතෙන හීනයක් වගේ, හැබැයි ඒ ගැන අවබෝධ කර ගැනීමෙන් ඔයාගේ නින්ද සහ ඔයාගේ බිය පාලනය කරගන්න ඔයාටම පුළුවන්

– By Pawani –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *