Olympics පිටිපස්සේ ඇත්තටම මොකද වෙන්නේ?

Olympics පිටිපස්සේ ඇත්තටම මොකද වෙන්නේ?

තම රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් ගම්මානයේ තමන්ට හුරු පුරුදු රසවල ආහාර සොයා ගැනීමට වෙහෙසෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.මේ නිසා කණ්ඩායම්වලට තමන්ගේම කෝකියෙකු සහ ආහාර ගෙන ඒමට අවසර දී තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම දස්කම් ලබා ගැනීම සඳහා හොඳ රාත්‍රී නින්දක් අත්‍යවශ්‍ය නමුත් සමහර කණ්ඩායම් පවසන්නේ දැඩි උණුසුම් කාලගුණය නිසා ඔවුන්ගේ කාමර නිදා ගැනීමට නොහැකි තරම් උණුසුමකින් යුක්ත බවයි.Green ඔලිම්පික් උළෙලක් සඳහා පැරිසියේ කැපවීමේ කොටසක් ලෙස, වායු සමීකරණ භාවිතය අවම කර, පොළව යටින් සීතල ජලය පොම්ප කරන භූ තාප සිසිලන පද්ධති සහිත කාමර ඉදිකරන ලදී.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟ වලට පෙර සහ පසු රූපලාවන්‍ය සේවා ලබාගැනීමේ හැකියාව තිබේ.

මාධ්‍යවලින් සහ ජනප්‍රියත්වයෙන් මොහොතකට බැහැර වීමට අවශ්‍ය අය වෙනුවෙන් මානසික සුවතා මධ්‍යස්ථානයක්ද ඔලිම්පික් ගම්මානයේ පිහිටා තිබීම විශේෂත්වයක්

Source – BBC

– By Maleesha –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *