සිංදු 3යි, අම්බාණීගෙන් ඇ.ඩො. මිලියන 10යි

අනන්ත් අම්බාණිගේ සුපිරි විවාහ මංගල්‍යය වෙනුවෙන් ලොව සුප්‍රසිද්ධ ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයක් ඉන්දියාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ඒ අතර Adele, Drake සහ Lana Del Rey වන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර පසුගිය සතියේ පැවති Pre-Wedding Ceremony එකේ ගීත 3ක් ගායනා කිරීම වෙනුවෙන් සුපිරි කැනේඩියානු ගායක ජස්ටින් බීබර්ට මුකේෂ් අම්භානී ඇ.ඩො.මිලියන 10ක් ලබා දී තිබෙනවා. ජස්ටින් මෙහිදී “Baby, Love Yourself සහ Peaches යන ගීත 3 ගායනා කරා.

මෙම සුපිරි විවාහ මංගල්‍යයට තවත් ඇත්තේ දින 5ක් පමණි.

මීට පෙර මුම්බාහි පැවති Pre-wedding උත්සවය වෙනුවෙන් Rihanna, Diljit Dosanjh සහ Katy Perry සහභාගි විය. එපමණක් නොවෙ මෙම විවාහ මංගල්‍යයට සමගාමීව ඉතාලියේ පැවැත්වුනු උත්සවයට Andrea Bocelli ද සහභාගි වී තිබේ.

Forbs සඟරාවට අනුව මුකේෂ් අම්බාණි මෙම විවාහ මංගල්‍යයයේ Free Wedding Festivities සඳහා මේ වන විට වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 1259කි.

ජුලි 12 වනදා අනන්ත් සහ රාධිකාගේ විවාහ මංගල්‍යය 800ක පමණ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් මුම්බාහිදී පැවැත්වීමට සූදානම් කර තිබේ.

– By Awani-


Posted

in

by

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *