ජේනි ලෝව්ස් (Janey Lowes) කියන බ්‍රිතාන්‍ය ජාතික පශු වෛද්‍යවරිය ශ්‍රී ලංකාවේ වීදි සතුන් වෙනුවෙන් 620 km පාගමනක් යන්න plan කරල තිබුනා..✊
එයා ‘WeCare Worldwide’ කියන සංවිධානයේ නිර්මාතෘ වගේම ලංකාවේ වීදි සතුන් වෙනුවෙන් අවුරුදු 12ක් තිස්සේ වැඩ කරනවා.🤍
“The Dog Jog” නමින් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වා දවස් 22ක් ඇතුළත කිලෝමීටර් 620ක මේ plan කරපු පාගමන ඔක්තෝබර් 09 වෙනිදා පටන් ගත්තා.🙏
අලුත් පශු වෛද්‍ය රෝහලක් හදන්න පවුම් මිලියන 1.6ක් (රුපියල් කෝටි ගණනක්) අරමුදල් එකතු කරන එක තමයි මේ Doctor ගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ.✊
ඒ විතරක් නෙමෙයි අවුරුද්දකට තවත් සතුන් 3,000කට වැඩි පිරිසකට ප්‍රතිකාර කරන්න ,සතුන් ආපහු යථා තත්ත්වයට පත්කිරීමේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පිහිටුවන්න,දේශීය පශු වෛද්‍යවරුන් 200කට වැඩි පිරිසකට අවුරුද්දක ප්‍රායෝගික පුහුණුවක් දෙන්න වගේම දැනට තියෙන සායනයේ ඉඩකඩ මදි නිසා තුවාල වුන අසනීප වුන වීදි සතුන් ලොකු ප්‍රමාණයකට ප්‍රතිකාර කරන්න අමාරුයි .මේ හේතු නිසා රස්නය ,දුෂ්කර මාර්ග මැදින් යන මේ ගමන හරහා අරමුදල් එකතු කිරීමට අමතරව, වීදි සතුන්ගේ සුභසාධනය ගැන ජනතාව දැනුවත් කිරීමත් මේ පාගමනේ අරමුණු වෙලා තියෙනවා.😍🤍✊
– Aadi –

Leave a Reply