මෙන්න වැඩේ මාට්ටු

මං දන්නවා Article එකේ Topic එක දැක්ක ගමන් පුදුම සතුටක් ඔයාට ආවේ කියලා. හැබැයි ඒත් එක්කම දුකකුත් ආවා නේද V ඔප්පටයි Jennie උන්නිටයි ඔයා පිස්සුවෙන් වගේ ආදරේ නිසා.
මං දන්නවා.. ඒත් පොඩ්ඩක් ඉන්නකෝ News එක Confirm කරගන්නකං..

මේ News එක BTS Army ලට වගේම BLACKPINK Lovers ලට අලුත් දෙයක් නෙවෙයි. මේක කාලෙන් කාලෙට උඩට එන, Fans ලව කුතුහලයෙන් පුරවන, කාලයක් යන කොට හැමෝටම අමතක වෙලා යන, ආයෙත් කාලෙකින් උඩට ඇවිත් Social media පවා Break කරවන News එකක්!

ආපහු මේක උඩට ආවේ පහුගිය දවසක Seoul වල Tyler, The creator concert එකට මේ දෙන්නම ගිහින් වෙච්ච වැඩෙන්. Jennie, V දෙන්නම Backstage එකේදී Tyler ව මුණගැහුණා. එකම මොහොතෙද නැද්ද කියන්න නම් දන්නේ නෑ.. ඉතින් Tyler ගෙන් මේ දෙන්නටම Merchandises ලැබිලා තියෙනවා. දෙන්නම Tyler එක්ක ගත්ත photo එකක් වගේම Merchandise එකේ photo එකකුත් තම තමන්ගේ Insta story දාලා.. ඉතින් Fans ලා කලබල වෙන එක අහන්නත් දෙයක්ද??😅

Fan accounts වලට අනුව නම්, Jennie මේ Concert එකට ගිහින් තියෙන්නේ තනියම. V ගිහින් තියෙන්නේ J Hope, RM එක්ක. හැබැයි මේ photos වල බැලූ බැල්මට ලොකූ සමානකම් ගොඩක් හැංගිලා තියෙනවා.

කමක් නෑ! කොච්චර මෙයාලා හංගන්න හැදුවත් කවදකමහරි ඇත්ත එළියට එයිනේ කියලා අපි ඉවසීමෙන් බලාගෙන ඉමු!❤️🤞🏼

– Maleesha –