අපි පොඩි කාලේ කවුරුහරි අපිට වැඩක් කිව්වම ලේසියෙන් කරන්න නැහැනේ. අඩුම තරමේ පොඩි පගාවක් හරි ඉල්ලනවා. ඒ කාලේ හැටියටනම් රුපියල් 20ක් 50ක් 100 ක්. හැබැයි ඒකත් school එකට ගිහින් canteen එකෙන් මොනවහරි කඩචෝරුවක් කන්නනේ.😉
හැබැයි දැන් ඒ හැමදේම වෙනස් වෙලා. දැන්, Young generation එකේ boy කෙනෙක්, girl කෙනෙක් විදියට අපි ගොඩක් හිතනවා. ඒ කියන්නෙ වැඩක් කරලා වැඩිපුර commission එකක් ගන්න try කරනවා. ඒ ඉතින් දැන් තියෙන තරගකාරී ලෝකෙත් එක්ක.😌
ඉතින් ඒ වගේ මහන්සි වෙලා තමන්ට ලැබෙන වාසිදායක දෙයක් ගැන තමයි මේ කියන්න යන්නෙ.
මේක වෙන්නෙ දකුණු කොරියාවල සෝල් University එකේ. මේකේදි වෙන්නෙ කඳු නගින එක. ඒ කියන්නෙ black yak App එකේ famous කඳු 100 සහ තවත් famous කඳු 100+ කින් select කරගත්ත කඳු වලින් කඳු 3ක් නගින කෙනෙක්ට ඩොලර් 216 කුත් කඳු 6ක් නගින කෙනෙක්ට ඩොලර් 540කුත් හම්බෙනවා. හැබැයි මේක මේ අවුරුද්ද ඇතුලත ඉවර කරන්න ඕන. මේක Scholarship එකක්.
July 8 ඉඳන් 18 දවස් ටික ඇතුළත මේ වැඩේට ළමයි 1400 කට වැඩි දෙනෙක් Apply කරලා තියෙනවා. ආ කියන්න අමතක වුණානේ,🤦♀ මේ වැඩේට කියන්නෙ, “The Misan Mountain Hiking Scholarship” කියලා.
හෑබැයි මේක එසේ මෙසේ කරන්න බැහැ. මොකද, කඳු නැගිල්ල හරිම genuine වෙන්න ඕනෙ. Cable car, gondola වලින් මේක කරන්න බැහැ. ඒ වගේම තමයි කඳු නගින කෙනා, කඳු නැගිල්ලේ සාක්ෂි”black Yak” කියන app එකේ upload කරන්නත් ඕනේ. හිතන්නකෝ ලේසි නැහැ නේද? 😩
ඉතින් මේ වගේ scholarship එකක් start කරලා තියෙන්නෙ, 81 හැවිරිදි කවෝන් ජුන්-හා කියන සෝල් university එකේ ආදි ශිෂ්‍යයෙක්. ඒයා කියන්නෙ නම්, හොඳ healthy සහ සමාජයට වැදගත් අය නිර්මාණය කරන්න මේක හොඳ වෑයමක් කියලා.
මොකද කියන්නෙ, අපේ රටෙත් මෙහෙම වැඩක් start කරමුද?😉
– Avish –
