Holly wood නළු Thimothee ගේ පෙනුම තියෙන Hrithik Roshan ගේ පුතා

Holly wood නළු Thimothee ගේ පෙනුම තියෙන Hrithik Roshan ගේ පුතා

කාලෙන් කාලෙට එක එක දේවල් ලෝකේ පුරාම කතා වෙනවනේ. ගොඩක් වෙලාවට ප්‍රසිද්ද චරිත ගැන විවේචන, body shaming වගේ දේවල් Viral යන කාලේ ඔන්න අලුත් දෙයක් මේ ටිකේ මුලු Internet එක පුරාම හැමෝගෙම කතාවට මුල් වෙලා තියෙනවා. ලෝකේ පුරාම ගෑනු ළමයින්ගේ Celebrity crushes K- drama එකෙන් K – Drama එකට වෙනස් වෙනවා. කාලයක් ලංකාවේත් ගෑනු ළමයින්ගේ ලොකු පිරිසක් BTS ලටත් පිස්සු වැටිලා හිටියා. දැන් ඔන්න එක පාරටම K – drama වල ඉන්න Actors ලා පවා අමතක වෙන තරමට රිතික් රෝශන්ගේ පුතාගේ කඩවසම් පෙනුමට ලෝකේ පුරාම ගෑනු ළමයි වශී වෙලා.
මෑතකදී තිබුණු නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්‍රපට සැමරුමකදී Rithik Roshan එක්ක එයාගේ පවුලේ අයත් ඒකට සහභාගී වෙලා තියෙනවා. එතන දි Paparazzi වලින් රිතික් ගේ පොඩි පුතා වුණු Hridhaan ගේ video කීපයක් Viral යනවා. ඒ දැනටමත් හ්‍රිධාන් ව සුපිරි තරුවක් කරමින්.
මේ හ්‍රිධාන් එක දවසින් කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවනම් හ්‍රිධාන්ව හොලිවුඩ් තරුවක් වුනු තිමොතී ටත් සමාන කරලා තියෙනවා. දැන් හ්‍රිධාන්ගේ කඩවසම් පෙනුම නිසා ප්‍රේක්ෂකයෝ හ්‍රිධාන් ඉන්දියාවේ තිමොතී විදිහට හදුන්වන්න පටන් අරන් තියනවා. කොහොමෙන් කොහොමහරි තාත්තාට ලැබුණු ප්‍රේක්ෂක ආදරයටත් වැඩිය ආදරයක් එක දවසින් පොඩි පුතා හ්‍රිධාන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ කඩවසම් හ්‍රිධාන්ව අපිට ඉස්සරහට තාත්තා වගේම දක්ෂ නළුවෙක් විදිහටත් දකින්න පුළුවන් වෙයිද?

– By Aruja –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *