Super Star හිඟන්නෙක් වෙලා

Super Star හිඟන්නෙක් වෙලා

“අදටත් ඒ රුපියල් දොළහ මගේ office එකේ frame කරලා එල්ලලා තියෙනවා, මොකද ඒක තමයි මට ජීවිතේ මගේ ගායනයකට ලැබුණු ඇත්තම වටිනාකම”
මෙහෙම කියන්නේ කාගෙත් heart එකේ bottom එක music වලින්ම touch කරපු “සෝනු නිගම්”
සෝනු වගේ අතිශය ජනප්‍රිය, ධනවත් ගායකයෙක් රුපියල් දොළහක් ගැන මොකද්ද මේ කියන කතාව?

සෝනුට දවසක් හිතුනා තමන්ගේ ගායනයක “ඇත්ත වටිනාකම” එහෙම නැත්නම් real value එක දැනගන්න. ඉතින් මෙයා කලේ හිඟන්නෙක් වගේ හරි අපූරුවට වෙස් වලාගෙන මුම්බායි වල එක busy street එකක සර්පිනාවකුත් තියාගෙන වාඩිවුන එක. මේ ඉන්නේ සෝනු කියලා හිතන්නවත් බැරි තරමට එයා එයාගේ දක්ශ make up artists ලා ලවා පෙනුම වෙනස් කරවගෙන තිබුණා.

ටිකකින් මේ හිඟන්නා හරි රහට සිංදුවක් කියන්න පටන් ගත්තා..
jo hai sama.. kal ho naho…

එක්කෙනා දෙන්නා ගායනය අහගෙන ඉඳලා කාසි කීපයක් ළඟින් තියලා යන්න ගියත්, මේ ඉන්නේ ලෝක ප්‍රසිද්ධ ගායක සෝනු නිගම් කියලා හඳුනගන්න කාටවත්ම බැරි වුණා. ටිකකින් boy කෙනෙක් සෝනු ළඟට ඇවිත් රහසින් “uncle උදේට කාලද ඉන්නේ” කියලා අහලා අතේ සල්ලි ටිකක් ගුලි කරලා යන්න ගියා. ඉතින් ටිකකින් මේ හිඟන්නත් එතනින් නැගිටලා තමන්ගේ office එකට යන්න ගියා.

සෝනු කියන්නේ shows, shoots, concerts වලින් කොච්චර earn කළත් මෙතෙක් එයාට ලැබුණු “හැබෑම වටිනාකම” තමයි එයා එදා සිඟමනෙන් උපයපු ඒ රුපියල් දොළහ කියලා.

– By Maleesha –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *