එකම එක ඇඟක හදවත් තුනකුයි මොළ නවයකුයි!

එකම එක ඇඟක හදවත් තුනකුයි මොළ නවයකුයි!

අපි බලන හැම movie එකකම පිටසක්වල ජීවීන් විදිහට හරි මුහුදු ගැඹුරේ වාසය කරන භයානක අඬු වලින් සෙල්ලම් දාන නපුරු ජීවීන් විදියට හරි බූවල්ලන් හැඳින්වුවත් ඇත්තටම ඒක මිත්‍යාවක් විතරමයි.
බූවල්ලන් කියලා කියන්නේ මුහුදු මොලුස්කා වර්ගයට අයත් වන ඔලුවක් එක්ක පාද කිහිපයකින් හැදුනු Cephalopoda කියන පන්තියට අයත් මුහුදු ජීවී විශේෂයකට.

හැබැයි බැලූ බැල්මට හරිම සාමාන්‍ය ජීවී විශේෂයක් වුණත් බූවල්ලාට Active වෙන්නත් ස්නායු පද්ධතිය ශක්තිමත් කරන්නත් *හදවත් තුනක්* වගේම *මොළ නවයක් * තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇඟ පුරා දුවන්නේ නිල් පාට ලේ.

අසාමාන්‍ය කතාවක් වුණත් එයාලාගේ ශරීරය පුරාම ලේ පොම්ප කරන්න මේ හදවත් තුන උදව් වෙනවා. එවායෙන් හදවත් දෙකකින් අඬු එහෙමත් නැත්නම් මේ පාද වලට රුධිරය පොම්ප කරන අතරතුරදී ශරීරයේ අනෙක් කොටස් වලට රුධිරය සංසරණය කරන්න අනෙක් විශාල හදවත උදව් කරනවා. ඒවගේම තමයි මෙයාලාගේ ඔලුවේ තියෙන මධ්‍යම මොළය ස්නායු පද්ධතිය පාලනය කරනවා. ඊට අමතරව පාද අටේ තියෙන කුඩා මොළය හරහා එක් එක් පාදයෙහි චලනය පාලනය කරනවා.
සාමාන්‍ය බූවල්ලෙකුගේ ඇඟ පුරාම නියුරෝන ආසන්න වශයෙන් මිලියන 500 ක් තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඒ නිසාම නපුරු / භයානක බව කොහොම වුණත් හරිම බුද්ධිමත් මුහුදු ජීවී විශේෂයක් විදිහට බූවලලන් හඳුනාගන්න පුළුවන්.

– By Vindy –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *