Godzilla වගේද Mechazilla

Godzilla වගේද Mechazilla

Space X එක පහුගිය ඉරිදා Launch කරපු starship එකේ 5th test එක අතිශය සාර්ථක වුණා.

ඔක්කොටම වඩා මේකෙ විශේෂත්වය තමයි, Starship එකේ Landing එකේදී Super heavy Booster එක අල්ලගත්ත මේ Tower එක. මේක හඳුන්වන්නෙ “Mechazilla” කියලා. Godzilla මතක් වුණා නේද?? ඔව් එතනින් තමා inspire වෙලා තියෙන්නේ. Tower එකේ තියන Booster එක Catch කරගත්ත Metal Arms‍ සමාන කරලා තියෙන්නේ ජපන් ජාතිකයො කෑම කන්න පාවිච්චි කරන Chopsticks වලට. ඒක බලන් ඉන්න ආස හිතෙන හරි ලස්සන moment එකක්..
Mechazilla ලස්සනට Super heavy booster එක අල්ලගත්ත විදිහ !!!

දැන් අපි Starship එක ගැන කතා කරමු ..
SpaceX විසින් නිපදවපු Starship කියන්නේ දැනට භාවිතයට ගැනෙන තවමත් දියුණු කරමින් පවතින විශාලතම නාසා මෙහෙයුම් පද්ධතියක්. මේකෙ ප්‍රධාන අරමුණ තමයි අන්තරායක් නැතිව, අඩු පිරිවැය සහිතව අභ්‍යවකාශයට ගමන් කිරීම. මේක උස අඩි 390 කින් යුත් විශාල රොකට් යානයක් වෙනවා වගේම, රොකට් පද්ධතිය කොටස් දෙකක් එකතුකරලා තමයි හදලා තියෙන්නේ.

Super Heavy (සුපර් හෙවී) – පළමු අදියර රොකට් එන්ජිම
Starship (ස්ටාර්ෂිප්) – දෙවැනි අදියර රොකට් සහ පරීක්ෂණ කුටිය

Starship යානය අභ්‍යවකාශය තුළට සහ එතැනින් පසු නැවත පෘථිවියට ඒමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ මඟින් අනාගතයේදී පෘථිවියට හා ග්‍රහ මණ්ඩලයේ වෙනත් පෘථිවියට සමාන ග්‍රහ වලට ගමන් කිරීම, විශේෂයෙන් අඟහරු ග්‍රහයට මිනිස් ජීවිතය සම්බන්ධ කිරීම කළ හැකි වේවි.

මේ යන විදිහට Elon Musk කොහෙන් නවතීද කියලා අපි කාටවත් කියන්න බෑ !!

– By Maleesha –


Posted

in

by

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *