චොක්ලට් හොයාගත්තේ මායාවරුද?

චොක්ලට් හොයාගත්තේ මායාවරුද?

චොක්ලට් හොයාගත්තේ මායාවරුද?මායාවරුන් කොකෝවා ගස සොයා ගැනීමට සහ භාවිතා කිරීමට මුල්ම සංස්කෘතීන් අතර ඉන්නවා වගේම චොක්ලට් වල මුල්ම ආකෘතිය හොයාගත්තා කියලත් ගොඩක් අය පිළිගන්නවා.
නව අධ්‍යයනයකින් හෙළි වෙන්නේ මායාවරුන්ගේ ධනයේ උච්චතම අවස්ථාවේ දී චොක්ලට් තමන්ගේම මුදල් ආකාරයක් බවට පත් වෙලා තියෙනව වගේම මෙම ප්‍රණීතභාවය නැතිවීම කීර්තිමත් ශිෂ්ටාචාරයේ බිඳවැටීමට හේතුවක් වෙලා තියෙනව කියල. මායාවරු සාමාන්‍යයෙන් ඔවුන්ගේ කොකෝවා උණුසුම් පානයක්, මැටි කෝප්පයක පිළිගැන්වූ වාෂ්ප සුප් හොද්දක් විදිහටත් පරිභෝජන කරල තියෙනවා. ඒ වුනාට පසුකාලීන සාක්ෂි වලින් පේන්නේ චොකලට් ටිකක් කාසි වලට සමාන වෙලා තියෙනව කියල. (පැසුණු සහ වියලන ලද කොකෝවා බෝංචි ආකාරයෙන්)
ඒ වගේම මායාවරුන් මේ කොකෝවා, දෙවියන්ගෙන් ලැබුනු තෑග්ගක් විදිහට සැලකූ අතර ‘Theobroma Cacao’ ලෙස හදුන්වලා ‘දෙවියන්ගේ ආහාර’ ලෙස පරිවර්තනය කරලා තියෙනවා. මෙම ගෞරවය ඔවුන්ගේ සමාජය තුළ කොකෝවා වල තියෙන වැදගත්කම පෙන්නුම් කරනවා.
ඒ වගේම කොකෝවා හා සම්බන්ධ මායා දේවතාවිය Ixchel වේ. ගොඩක් වෙලාවට මහලු කාන්තාවක් විදිහට පෙන්නුම් කරන, Ixchel කියන්නෙ චන්ද්‍රයාගේ දේවතාවිය, දරු ප්‍රසූතිය, සශ්‍රීකත්වය සහ රෙදි විවීම ඇතුළු විවිධ පැතිවලින් ගෞරවාදරයට පාත්‍ර වූ බහුවිධ දේවතාවියක්.
ඇයව ‘කොකෝවා දේවතාවිය’ ලෙස පමණක් හඳුන්වනු නොලබන අතර, Ixchel සහ කොකෝවා අතර ලොකු සම්බන්ධයක් තියෙනව කියලත් විශ්වාසයක් තියෙනවා.
Ixchel හා සම්බන්ධ එක් සංකේතයක් වන්නේ කොකෝවා ගසයි.ඒ සංකේතයෙන් සශ්‍රීකත්ව, කොකෝවා ගස හා සම්බන්ධ මායාවරුන්ගේ ජීවනදායක ගුණාංග අතර සම්බන්ධය ඉස්මතු කරනවා..

– By Aruja –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *